Lates Local 

ශාක භක්ෂක මදුරුවා ගැන අලුත් කරුණු

Reading Time: 1 minute

පසුගිය දීනවල ඩෙංගු මර්ධනයට ශාක භක්ෂක මදුරුවෙක් ගැන සෞක්‍ය ඇමති පැවසුවා.මෙයට විවිධ චොදනා එල්ල වූවා මේ අවස්ථවේදි විපක්ෂයේ ඇතමුන් ඇසුවේ මදුරුවා ලේ බොන්නේ නෑත්නම් බත් කනවද යන්නයි…වුන් සැලකුවේ මෙය සුරඟනා කතාවක් ලෙසටය නමුත් ඇත්ත වශයෙන්ම මෙවැනි මදුරුවන් ලොව පුරා ඩෙංගු මර්ධනයට යොදා ගන්නවා.

ඩෙංගු මදුරු කිට කන ශාක භක්ෂක මදුරුවා

මේ පරික්ෂණය කරන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනය.වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙනුවෙන් මෙම පරීක්ෂණයට මූලිකවී කටයුතු කරන පරපෝෂිතවේදී සහ කීට විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ

ඇය බිබිසියට පවසා ඇත්තේ …

“මේක අපි ප්‍රසිද්ධිය බලාගෙන කරපු එකක් නෙවෙයි. මේක අපි නිහඬව කරපු පරීක්ෂණයක්, සෞඛ්‍ය ඇමතිතුමා මෑතකදී මේ ආයතනයේ කළ සංචාරයකයදී මේ පරීක්ෂණයේ සාර්ථකත්වය ගැන පැහැදිලා තමයි මාධ්‍යට ඒ ගැන කිව්වේ. අපි නිහඬව මේ මදුරුවා බෝ කරලා නොයෙකුත් තැන්වලට අපි මුදාහැරියා, අඳුරට ශාප නොකර ඉටිපන්දමක් හෝ දල්වන්න ඕන කියන අදහස තමයි අපිට තිබුණේ” යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.”

තවද ඇය පවසන්නේ මෙය වසංගත තත්වයට ගත හැකි විසඳුමක් නොවන බවය.මෙම මදුරුවා කීට අවස්තාවේදි ඩෙංගු මදූරුවන් ආහාර‍යට ගන්නා අතර සුහුඹු අවස්තාවේදී මල්පැණි හා ශාක යුෂ උරා බොන බවය.

මල් පැණි බොන මදුරුවා

එමෙන්ම මෙම මදුරුවාට මිනිසාට දෂ්ඨ කිරීමට හැකියවක්ද නැ…මොකද මෙම මදුරුවාගේ ශුන්ඩාව නැමී ඇත. එමනිසා මිනිසාට දෂට කිරීමට නොහැක.දැනට පේරාදෙණිය උද්භිද උද්‍යානය, මීරිගම, කුණ්ඩසාලේ වැනි ප්‍රදේශ ගණනාවක මෙම මදුරුවන් පරිසරයට මුදා හැර තිබේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...