Entertainment Sport 

බංග්ලාදේශයේ යෝජනාවට සංගා සහ මහේල පිළිතුරු දෙයි

මේ වන විට පුරප්පාඩුව පවතින බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර භාර ගන්නා ලෙස බංග්ලාදේශ කි‍්‍රකට් බලධාරීන් කුමාර් සංගක්කාරට හා මහේල ජයවර්ධනට ආරාධනා කර තිබෙනවා.නමුත් ඔවුන් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වත්මන් ප‍්‍රධාන පුහුණුකාර තනතුර හොබවන චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ප‍්‍රධාන පුහුණුකාර තනතුරෙන් පසුගියදා ඉවත්වීමත් සමග බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායමට ප‍්‍රධාන පුහුණුකරුවෙකු සොයා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාව, සිම්බාබ්වේ හා සත්කාරක බංග්ලාදේශය අතර එළැඹෙන ජනවාරි 15 වැනිදා ආරම්භ වන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේදී මෙන්ම ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් හා එක්දින තරගාවලිය සදහා ද ප‍්‍රධාන පුහුණුකරුවකු නොමැතිව බංග්ලාදේශ කණ්ඩායම තරග වදින බවද පැවසෙනවා.

පුරප්පාඩු වී ඇති පුහුණුකරුගේ වගකීම කණ්ඩායමේ සහාය පුහුණුකරු රිචඩ් හල්සාල්, කළමනාකරු කලීඩ් මහමුද් මෙන්ම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් දෙදෙනකු වන සකීබ් අල් හසන් හා මෂ්රෆ් මොටාසා ඉටුකරනු ඇති බවට කි‍්‍රකට් සභාපති නස්මුල් හුසේන් පවසනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...