Entertainment 

ඊලගට කුඹියෝ මොකද වෙන්නේ? ප්‍රියන්ත මැරෙයිද?ජෙහාන් හිරේයයිද?

Reading Time: 1 minute

මේවන විට කුඹියෝ කියන්නෙ ඉතමත් ජනප්‍රිඅය ටෙලිනාට්‍යක් වි අවසන් එහි ඊලග මොහොතේ සිදුවන්නේ කුමක්ද යන්න කිසිම කෙනෙක්කුට හිතාගන්න බැරි මට්ටමට මෙවන විට පත්වී තිබෙනවා.හැමදෙනාම ගිය සතියේ ගිය සිදුවිමෙන් පසු බලන්නේ ජෙහන්ට කුමක් සිදුවේද කියා…කුඹියෝ ගැන කුඹිගුල ග්ෘප් එකේ ගිය චාරයක් සහ සිදුවිය හැකි දේ ගැන ලිව් ලිපියක් පහත දැක්වේ…

ඉස්සරහට මොනවා වෙයිද?

  • මාගේ දැක්මේ හැටියට, ලොව මෙතක් බිහිවූ ජනප්‍රියතම, “අතිශය ලාමක” අපරාද පරීක්ෂණ කතා මාලාව වන ‘ෂර්ලොක් හෝම්ස්ට’ වඩා “කූඹියෝ” තාත්විකත්වය අතින් ඉදිරියෙන් සිටින බව කිව යුතුමය.. සිගරට් අළුවලින් සහ අඩි සලකුණු වලින් මිනී මරුවන් අල්ලන හාස්‍යයෙන් ඔබ්බට ගොසින්, ප්‍රේක්ෂකයාට යමක් සිතන්නට ඉඩ දී ඒ සිතුවිල්ල බිඳ දමන, අගතා ක්‍රිස්ටිගේ න්‍යායන් “කූඹියෝ” තුල ගැබ්ව ඇතැයි විටෙක මට සිතේ..

  • හරි.. හරි.. බර වචන ඇති.. 😁 දැන් සාමාන්‍ය විදිහට පටන්ගමු.. කොටස් 38ක් ඉවරයි.. තව තියෙන්නේ 20යි..* එක එක්කෙනා මේ පිළිබඳව කර අැති විග්‍රහයන් මොහොතකට අමතක කරලා, කූඹියෝ තේමා ගීතයෙන් සහ Official Trailer එකෙන් ගන්න තියෙන දේවල් ගැන බලමු..* ජෙහාන්, ප්‍රියන්ත සම්බන්ධය ඉවරද? නෑ බං නෑ.. උන් දෙන්නා එක කාමරේක ඉන්න, ජෙහාන් ඇඳුමක් අයන්කරන සීන් එකෙන් ඔප්පුවෙනවා උන්දෙන්නා ඉස්සරහටත් එකටම වැඩකරගෙන යනවා කියන එක..

 

  • ජෙහාන් බන්ධනාගාරයෙන් එළියට එන සීන් එකක් මුලින් යනවා දකින්න අැතිනේ.. අවසානෙට යනවා අර ASP කාරයා ජෙහාන්ගෙ නම කියන කෑල්ලක්.. මොකක්ද ඒ.. එළියට එන්නනං අැතුලට යන්නම වෙනවනේ.. ජෙහාන් ලොක්කට බන්ධනාගාරගත වෙන්න වෙනවා.. හේතු කිහිපයක් තියෙනවා.. සමහර විට නොකරපු වැරැද්දක් වෙන්න පුළුවන්.. ප්‍රියන්තගෙ මරණයට සැකපිට වගේ දෙයක් වෙන්නත් පුළුවන්.. (හෑ.. ප්‍රියන්තයා මැරෙනවද? කවුද බං දන්නේ.. දැන් අර බුරුසු රැවුලා මැරුණේ අපිට කියලද? 😒) එතකොට ඔය අන්තිමට පෙන්නන්නේ ජෙහාන්ව ඇරස්ට් කරන සිද්ධිය වෙන්න පුළුවන්.. මුලින් පෙන්නන්නේ ඊට පස්සේ ජෙහාන් නිදහස්වෙලා එන කෑල්ල වෙන්න පුළුවන්.. Trailer එකක, සියල්ල පිළිවෙලට තියෙන්න ඕනෙ කියලා නීතියක් නෑනේ…

  • ප්‍රියන්තයට මොනවා වෙයිද? ඇයි ප්‍රියන්තගෙ අම්මා Trailer එකේ අරහෙම අඬන්නේ.. හිරේ ගියපු එකටද? නැත්තං ප්‍රියන්තට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්දවෙනවද? ජෙහාන්, ටිරාන් කවුරුහරි දිහා බලාගෙන අප්සෙට් එකේ ඉන්න සීන් එකක් තියෙනවා.. ගොඩක් වෙලාවට ඒ ඔස්ටින් අයියගෙ මරණය වෙන්න පුළුවන්.. ඒත් ඉස්සහට එන්න තියෙන ගොඩක් අවස්ථා වල ජෙහාන් ඉන්නේ තනියම.. පුද්ගලිකව මට සාධාරණ සැකයක් තියෙනවා ප්‍රියන්තගෙ ජීවිතය ගැන..

  • මගේ පොතේ හැටියට කතාව අතර තුර ඔස්ටින් අයියත් ජීවිතයෙන් සමුගත යුතුයි.. ටිරාන් අඬන සීන් එක.. ටිරාන් වගේ එකෙක්ගෙ ඇස්වලට කඳුළු එන්නනම් ඔස්ටින් අයියට යන්නම වෙනවා..

  • හිරුණි ජයවර්ධන CID ද..? මොන.. CID කියලා, තමන් අල්ලගන්න දඟලන අපරාදකාරයත් එක්ක නිදාගන්න ඕනෙද බං..😒 ඒකි සිරාවටම ජෙහාන්ට ලව්.. ඒකි පාඩුවේ බස් එකක යද්දි ජෙහානයයි ගිහිං ඒකි ගාවින් ඉඳගෙන බංග්ලාදේශි පාට් එකක් දැම්මේ.. මතක්කරලා බලන්න.. ජෙහාන්ගෙ පස්සෙන් නිතරම පොලීසිය ඉන්නවා.. ඒත් ඒ හිරුණි නෙවෙයි. අර ASP ලොක්කා.. හැබැයි ගොතපු කතාවකට රචකයා එකම වාසගම තියෙන දෙන්නෙක්ව දාපු එකේ හෙන අවුලක් තියෙනවා.. සමහරවි⁣ට අපිව නොමග යැවීම හුදු එකම අරමුණ වියහැකියි.
    “හිරුණි ජයවර්ධන”
    “ශාඛ්‍ය ජයවර්ධන”

  • ජෙහාන්ගෙයි, සහෝදරයන්ගෙයි කතාව ඉවරද? නෑ.. ජෙහාන් සහෝදරයෙක්ට ගහන වගේම, සහෝදරයෝ ඉස්සරහා පද්මකුමාර කස්තුරිට ගහන අවස්ථා දෙකක් Trailer එකේදි අපිට දකින්න පුළුවන්.. ඒ කියන්නේ තාම මේකෙ ඉවරයක් නෑ.. මේ චරිත සියල්ල එකිනෙකට බැඳී පවතිනවා. බොහොම පැහැදිලිව පේනවා ජෙහාන් සහෝදරයන්ගෙ උගුලකට අහුවෙන බවකුත්.

  • දණගස්සලා වෙඩි තියන්න හදන්නේ ජෙහාන්ටද? වෙඩි තියන්න හදන එකා ටිරාන්ද? ජෙහාන් හා ටිරාන් අතරේ ආරවුලක් ඇතිවීමට ඉඩකඩ නැතුවමත් නෙවෙයි නේද?

  • අවසානයේ ජෙහාන් පරදියිද? මේ කතාවේ නම මොකක්ද? “කූඹියෝ”.. ජෙහාන් තමයි කූඹියා… මේ කතාකරන්නේ කූඹියගෙ හැකියාව ගැන… කථාවේ තේමාවේ හැටියට කූඹියා පරදින්නට විදිහක් නෑ..”උන් ඉතා ඉක්මනින්.. යන්නෙ මේ කඩිසරෙන්.. කම්මැලී නෑ කිසිත්.. කූඹියෝ…”අපි බලාගෙන ඉමු.. 😎

ප්‍රදීප් ප්‍රේමලාල්

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...