Sport 

ලංකාව ගොඩ ගන්න දොස්තර ජොන්සේ කරන්න හදන දේ ගැන කිව්ව කතාව

Reading Time: 1 minute

ලබන මස ශ්‍රී ලංකා කණ්ඩයම බන්ග්ලාදෙශයේ සංචාරය කිරීමට නියමිතයි.මේවන විට බන්ග්ලාදේශයේ හිටපු, ප්‍රධාන පුහුණුකරු චන්දිකා හතුරුසිංහ පමණක් නොව තිලාන් සමරවීර (පිතිකරු පුහුණුකරු) සහ, ආචාර්ය ෆිල් ජොන්සේ (මනෝවිද්යාඥයා) ද ශ්‍රී ලංකාව සමග එකතුවී ඇත.

බන්ග්ලාදේශයේ හිටපු මනෝවිද්යාඥයා වන වෛද්‍ය ජොන්සේ

Pakistan Observer වෙබ් අඩවියට අදහස් දැක්වූ බන්ග්ලාදේශයේ හිටපු මනෝවිද්යාඥයා වන වෛද්‍ය ජොන්සේ පවසා ඇත්තේ “මම බන්ග්ලාදේශ කණ්ඩායම සමග වසර තුනක කාලයක් වැඩකරලා තියනවා ඔව්න් සමග සංචාර කිහිපයකටද සහභගීවී තිබෙනවා”තව දුරටත් අදහස් දක්වන ලද වෛද්‍ය ජොන්සේ ” මම කොළබට අගහරුවාද පැමිනෙනවා මම බලාපොරොත්තු වෙනවා.මගේ කාර්‍ය තමා ක්‍රීඩකයන්ට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකරගැනීමට සහ දක්ශතාවයන් වැඩි දියුණු කිරීමට උදව් කිරීමට.

මේ වන විටත් වෛද්‍ය ජොන්සේ විසින් ශ්‍රි ලංකා ක්‍රිඩකයන් වෙත ප්‍රශ්න 40 කින් යුතු ප්‍රශ්ණාවලියක් එවා තිබෙනවා.එමගින් ක්‍රිඩකයන් තෙරුම් ගෙන ඔවුන්ට සුදුසු ලෙස පුහුණු කිරීම් වලට යොදා ගැනීමට බලාපොරොත්තු වන බව පැවසෙනවා.වෛද්‍ය ජොන්සේ ඕස්‍ට්‍රේලියාවේ ක්‍රිඩකයන් සහ ක්‍රිඩා කන්ඩායම් රැසක් සමග වැඩකර ඇති අත්දැකීම් බහුල වෛද්‍යවරයෙක්.එමෙන්ම ඔහු ඔහුගේ කැමතිම විශයන් සම්බන්ධව පොත් 3 ක් ද රචානාකර ඇත

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...