Local 

උසස්පෙල සමත් සමතුන්ගේ සම්පුර්ණ විස්තරය

2017 අපොස උසස්පෙළ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. අනුව මෙවර උසස්පෙළ විභාගයේ කළා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ ඉගෙනුම ලැබූ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන් විසින්. මාතර සුජාතා විද්‍යාලය මෙවර උසස්පෙළ ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථාන දෙකක් හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.

ඒ අනුව උසස්පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ එම විද්‍යාලයේ දිලිනි සුනීතා සිසුවිය විසින්.එම විද්‍යාලයේම දිලානි රසාන්තිකා විසින් වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙනවා.මේ අතර උසස්පෙළ භෞතිකවිද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රිධන් රුවන්කරන් සිසුවා විසින්.නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාරමී ප්‍රසාදි හෙට්ටිආරච්චි සිසුවියයි.විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අද තැපැල් කිරීමට කටයුතු කරන බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...