Local 

යාපනේට භූත බියක්.යපනේ ජනතාව රැසක් අත්භූත සිදුවීම් වලට මුහුණ දෙයි

Reading Time: 1 minute

යාපනය නගරාසන්නයේ ජීවත්වෙන හුගදෙනෙක් මේ දවස්වල ජීවත්වෙන්නේ හරිම බයකින්. ඒකට හේතුව තමයි ඒ ප‍්‍රදේශයේ භූත බලවේගයක් ඇති බවට පැතිර යන ආරංචිය නිසයි. මේකට ආසන්නම හේතුව තමයි ඉතාම කෙටි කාලෙකට කළින් යාපනයේ එකම පවුල් දායමයකට අයිති පුද්ගලයන් 9දෙනෙක් හදිසියේම මියයෑම. එයාලා යාපනයේ කුඩා පරිමාණයේ වෙළෙද කටයුතුවල නිරතවෙලා හිටපු පිරිසක්.

ඒ විදිහට මියගිය 9 දෙනා අතර කාන්තාවන් 4දෙනෙක් වගේම පුංචි ළමයින් දෙන්නෙකුත් වනවා කියලයි වාර්තා වෙන්නේ. මේ මරණවලට හේතුව පැහැදිලි වශයෙන් ප‍්‍රකාශ කරන්න යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ද අසමත් වෙලා තියෙනවා කියලයි යාපයේ වැසියන් කියන්නේ.මේ නිසා එයාලා මියගියේ භූත බලවේගයක් නිසා කියලයි යාපනයේ වැසියන් වගේම යාපනයේ මාධ්‍ය ද වාර්තා කරන්නේ. මේ නිසා යාපනයේ වැසියන්ට තියෙන බය දෙගුණ තෙගුණ වෙලා තියෙනවා.

යාපනයේ හුගදෙනෙක් තමන්ට රාති‍්‍ර කාලයේදි විවිධ අන්දමේ අද්භූත සිද්ධීන්ට මුහුණදීමට සිදුවුණා කියලත්, ඒ සිද්ධීන් එකිනෙක විස්තර කිරීමත් නිසා යාපනයේ වැසියන්ට මේ භූත බලවේගය ගැන දැඩි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා.ඒ කොහොමවුනත් යාපනයේ වැසියන් කියන්නේ පසුගිය දවස්වල යාපනයේ කි‍්‍රයාත්මක වුන “ආවා ගෲප්” කල්ලියේ බිහිසුණු තත්ත්වයට වඩා බියකින් යාපනයේ වැසියේ මේ අද්භූත බලවේගය නිසා මානසිකව පීඩා විදිමින් බියට පත්වෙලා ඉන්නවා කියලයි.

තොරතුරු – දිවයින පුවත්පතෙන් (2017-12-27)

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...