Local 

සම්බන්ධන් මහතාගේ සුවදුක් බැලීම සඳහා මහින්ද ගිය හැටි

Reading Time: 1 minute

රෝගාතුරව සිටින දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතාගේ සුවදුක් බැලීම සඳහා හ මහින්ද රාජපක්ෂ මහතා අද(25) සම්බන්ධන් මහතා ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලට පැමිණියේය.දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ට බාහිරව විපක්ෂ නායකවරයාගේ සුවදුක් බැලීමට පැමිණි ප්‍රථම දකුණේ දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව ද වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා සමගින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද රෝහලට පැමිණ සම්බන්ධන් මහතාගේ සුවදුක් විමසා බැලීය.විපක්ෂ නායකවරයා පසුගිය 20වැනිදා රාත්‍රියේ දැඩිව රෝගාතුර වීම මත පසුගිය 21 වැනිදා රෝහල්ගත කෙරිණි.කෙසේ වෙතත් සම්බන්ධන් මහතාගේ තත්වය සුව අතට හැරී තිබීම මත ඔහු අද(25) දහවල් නැවතත් නිවස බලා පිටව ගියේය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...