Foreign Technology 

ඊයේ ඇමරිකානු ජනයා හොල්මන් කරමින් අහසේ ගියේ පිටසක්වල යානයක්ද?

Reading Time: 1 minute

ඊයේ රත්‍රියේ ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල ජනයාට අමුතුම සිදුවිමක් රාත්‍රී අහසේ දැකගැනීඅට හැකිවුනා.ඉතාමත් දීප්තිමත් වල්ගාතරුවක් වැනි යාමක් ඇමරිකනු අහසේ ගමන් කිරීමයි.මෙම සිදුවිඅම නිසා බොහෝජනයා කලබලයට පත්ව ඇති අතර බොහෝ දෙනා විශ්වාස කරන්නේ එය පිටසක්වල යානයක් ලෙසයි.

සාමාන්‍යයෙන් ඇමරිකාඅනු ජනයාට නසා ආයතනය අභ්‍යාවකශ ගතකරනා රොකට් දැක තිබුණත් මෙය ඊටවඩා හත්පසින්ම වෙනස් ස්වරූපයක් ගනු ලැබුවා. Facebook සහ Twitter වෙබ් අඩවියෙ මේ පිලිබද මිනිසුන් පලකරන ලද ඡායාරූප බොහෝ ප්‍රාමාණයක් දැක ගත හැකි.නමුත් USA TODAY වෙබ් අඩවිය ප්‍රකාශ කලේ එය ඊයේ දිනයේ SpaceX අයතනය අතහදා බලන ලද SpaceX Falcon 9 රොකට් එක බවයි.එය ඊයේ දිනයේ Santa Barbara ගුවන් හමුදා කදවුරෙන් අභ්‍යවකාශ ගත කරනු ලැබුවා.

කෙසේවෙතත් SpaceX ආයතනයේ CEO Elon Musk ට්විටර් වෙබ් අඩවියට මෙම සිදුවීමේ විඩියෝ පටයක් දමා පවසා ඇත්තේ එය”nuclear alien UFO from North Korea” ලෙසයි.කෙසේ වෙතත මෙලෙස Elon Musk පවසනේ මිනිසුන් නොදන්නා සැම ආකශ වස්තුවකම පිටසකවල යාන ලෙස හැදින්වීම හාස්‍යට ලක්කරමිනුයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...