Sport 

ඉන්දීයාව වායූදූශණය නැතිකරන්න ගෙනාපු අමුතු උපකරණය

Reading Time: 2 minutes

මීට සති දෙකට විතර කලින් වායු දූෂණය ගැන ගොඩක් කතා වුණා.ඒ ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි අතර දිල්ලි නුවර තිබුණු තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට අධික දුමාරයෙන් බාධා එල්ලවීමත් එක්ක.මේ හින්දා ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියානු ක්‍රීඩකයෝ කිහිපදෙනෙකු පවා ලෙඩ වුණා කියලයි ආරංචි වුණේ.ලෝකයක් බලා හිටපු මේ සිද්ධිය ඉන්දියාවට වුණු ලොකු අපකීර්තියක් කියලයි බොහෝ දෙනා අදහස් පල කරලා තිබුණේ.

ඉන්දියාවේ වායූ දූශණය

දිල්ලිය කියන්නේ ලොව වායු දූෂණය වැඩිම නගරයක්.මේ නිසා පහුගිය දවසක් වල දිල්ලියේ පාසල් කිහිපයක් වහලා දැම්මා.ඒ විතරක් නෙමෙයි හුස්ම ගන්න ආමාරු වෙලා ඇස් වල පපුවේ ලෙඩ හැදුනු ගොඩක් දෙනෙක් ප්‍රතිකාර ගන්න රෝහල් ගත වෙලා තිබුණා.කෙසේවෙතත් ඉන්දීය රජය මෙම වායුදූශණය අඩුකිරීමට නව ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා ඒ තමා “anti-smog gun” භාවිතා කිරීම

ඇන්ටි ස්මොග් ගන් යන්ත්‍රය

 

මෙම උපකරණය hair dryer වැනි උපකරණයක්.තැනින් තැනට ගෙනයා හැකි වාහනයක සවිකර ඇති මෙම උපකරණය මගින් අධිවේගීව ජලය ඉහලට විද දමයි.මෙම යන්ත්‍රයට විනාඩියකට ජලය ලීටර් 100 විදීමට හැකියාව තිබෙනවා මෙමගින් බිම් මට්ටමේ වායූ දූශණය 95% නැතිකිරීමට හැකියාව තිබෙන බව මෙම යන්ත්‍රය නිර්මාණය කල Cloud Tech සමාගම පවසනවා.

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...