Local 

පේරාදෙණියේ නවකවදය දරාගන්න නොහැකිව සිසුවෙක් සිහිසුන්ව ඇදවැටී රෝහල් ගතකරයි

දරුණු ලෙස නවක වදයට ලක්වීම නිසා දැඩි ලෙස රෝගාතුර වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ පළමු වසර සිසුවෙක් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.දියතලාව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා නිවසේ සිට යළි විශ්ව විද්‍යාලයට පැමිණෙමින් සිටියදී ශ්‍රාස්ත්‍ර පීඨ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් විශ්ව විද්‍යාල භූමියේ පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් දරුණු ආකාරයෙන් නවක වදයට ලක් කර තිබෙනවා. එහිදී මෙම සිසුවා සිහිසුන්ව ඇදවැටී තිබෙනවා.

පසුව එම ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසම ඔහුව පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ගොස් තිබෙනවා. එහිදී සිදු කෙරුණු මූලික ප්‍රතිකාරවලින් පසු සිසුවා සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන අතර තමන් සමග සිටි මිතුරෙකු හදිසියේ රෝගී වූ බැවින් රෝහල වෙත රැගෙන ආ බව එම සිසුන් රෝහලට ප්‍රකාශ කර තිබුනා.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු මහනුවර සුවසෙවන රෝහලේ වෛද්‍යවරයෙකු විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට ලිපියක් යවමින් තමන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේම ශාස්ත්‍රාලිකයෙකු ලෙස මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පනයට සහ ලැජ්ජාවට පත්වන බව සඳහන් කර තිබුනා.

මෙම සිදුවීම නිසා අදාල සිසුවා අතිශයින් කනස්සල්ලට පත්ව සිටි අතර දැඩි මානසික පීඩනයකට ලක්ව සිටිය බවද වෛද්‍යවරයා සඳහන් කර තිබුනා. එසේම මෙම සිසුවා දරුණු හුස්ම ගැනීමේ දුෂ්කරතාවයකට ලක්ව තිබුණු බවද එම ලිපියේ සඳහන්.අදාල සිසුවා සමඟ රෝහලට පැමිණ සිටි සිසුන්ගේ විශ්ව විද්‍යාලයේ නවක වදයක් තිබේදැයි විමසා තිබූ අතර එවැනි තත්වයක් මේ වන විට නොමැති බවත් සහ සති එකහමාරක පමණ කාලයක් එය පැවති බවත් ඔවුන් පවසා තිබුණා. පසුව ඔවුන් වෛද්‍යවරායාගේ කාමරයෙන් ඉවත්ව ගිය පසු අදාල සිදුවීම පිළිබඳව මෙම සිදුවීමට මුහුණ දුන් සිසුවාගෙන් විමසා තිබෙනවා. එහිදී පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිළිබඳව ඔහු ඉතාමත් කළකිරීමෙන් යුතුව කතා කර තිබෙනවා.

නවක වදයට මුහුණදුන් සිසුවාගේ තාත්තා කම්මල්කරුවෙක් වන අතර ඔහුගේ අම්මා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සේවය කරන සූපවේදියෙක් බවත් ඔහු වෛද්‍යවරයාට පවසා තිබුණු අතර එය ඇසීමත් සමඟ තමන්ද කම්පනයට ලක්වූ බව වෛද්‍යවරයා මෙම ලිපියේ සඳහන් කර තිබුනා. මෙම සිදුවීම නිසා විශ්ව විද්‍යාල අද්‍යාපනය නතර කිරීමට ඔහු තීරණය කර තිබෙන බවද සඳහන්.එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ නිලධාරීන් ගත් කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව උපකුලපතිවරාට තම ස්තුතිියද පුද කර තිබුනා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...