Foreign 

බ්‍රිතාන්‍යයේ බිලියන 3 වටිනා යූධ නැවක ලීක් එකක්

Reading Time: 1 minute

එක්සත් රාජාධානිය සතුව ඇති විශාලම ගුවන් යානා ගෙනයාමට හැකි යූධ නැව වන HMS Queen Elizabeth නෞකාවේ ජල කාණ්දුවක් ඇතිවී තිබෙනවා.එම නිසා එය ඉතා ඉක්මනින් අලුත් වැඩියා කලයුතු බව බ්‍රිතාන්‍යයේ ආරක්ශක අමාත්‍යංශය ඊයේ ප්‍රකාශ කලහ.

පවුන් බිලියන 3.1 වටිනා එනම් ඇමරිකන් ඩොර්ලර් බිලියන 4.2 වටිනා HMS Queen Elizabeth යුධ නැව බ්‍රිතාන්‍ය සතුව ඇති දියුණුම තාක්ෂණය සහිත යූධ නැව ලෙසයි සැලකෙන්නේ.ටොන් 65,000 බර මෙම නැව අත් හදා බැලීමේ දි මෙම ජල කාණ්දුව පිලිබඳ හිලිවී ඇත නැවේ පතුලේ ඇති සීල් කරන ලද තහඩු අතරින් මුහුදු ජලය නැවතුල ගලා එන බව පැවසේ.

මෙම කාණ්දුවෙන් පැයකදී ලීටර් 200 ක ජල ප්‍රමාණයක් නැව ඇතුලට ගලා එන බව පැවසේ.මෙය නැවත අලුත්වැඩියා කිරීමට පවුන් මිලියනයක් පමණ වියදම් වන බව පැවසේ.මෙම නැව සැධිමට පටන් ගත්තේ මීට අවුරුදු 8 කට පෙර සිට බව පැවසේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...