Foreign Technology 

Google සමාගමේ AI සහ නාසා අයතනය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට සමාන ග්‍රහ පද්ඪ්හතියක් සොයා ගනී

Reading Time: 1 minute

NASA ආයතනය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට සැම අතින්ම සමාන නව සෞරග්‍රහ මණ්ඩලයක් සොයාගෙන තිබෙනවා.මෙම පද්ධතියේ ග්‍රහාලෝක 8 ක් ඇති බව සදහන් වෙනවා.මෙහි විශේශත්වය වන්නේ මෙම සොයා ගැනීම සිදුකර ඇත්තේ Google සමාගමේ ක්ෘතිම බුද්ධි (AI) වැඩසටහන් මගිනි.

ග්‍රහලෝක 8 කින් යුතු නව ග්‍රහ පද්ධතිය

මෙම සොයා ගැනිමට යොදාගෙන තියෙන්නේ Kepler දුරේක්ෂයයි.Kepler මගින් නව ග්‍රහ පද්ධති සොයා ගැනීම් 3000 කට අධික ප්‍රමාණයක් කර තිබෙනවා.කෙසේ වෙතත් නාසා ආයතනය සහ Google සමාගම පසුගිය දා ප්‍රකාශ කරා Kepler දුරේක්ශයේ කාර්‍යක්ෂමතව වැඩි කිරීමට ඔවුන් මැශින් ලර්නින් යොදාගන්නා බව. Google සමගමේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් සහ නාසා ආයතනයේ පරික්ශකයන් පරිගණකයකට ග්‍රහලෝක යොයාගන්නා ආකාරය පිලිවද දැනුම ලබා දුන්නා.

ඉන් පසුව එම පරිගණකය මෙතෙක් නාසා ආයතනය කෙප්ලර් දුරේක්ශය මගින් පරික්ශාකරන ලද දත්ත යොදා ගනිමින් මෙතෙක් පරීක්ශකයන්ට සොයා ගැනීමට නොහැකිවූ ග්‍රහලෝක පද්ධතිය සොයා ගනු ලැබුවා.2009 වසරෙදී කෙප්ලර් දුරේක්ශය එකිනෙකට වෙනස් ඡායාරූප බිලියන 14 ලබාගෙන තිබෙනවා.එහි තරු 200,000 ක පිලිබද ඡායාරුප සහිතයි.

මෙම සොයාගනු ලැබුන ග්‍රහ පද්ධතිය ඇත්තේ Kepler-90 තරුව වටාය.මෙම තරුව ආලෝක වර්ශ 2,545 දුරින් පිහිටා ඇත.මෙම පද්ධතියේ ග්‍රහලෝක පිහිටා ඇත්තේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පිහිටා ඇති ආකාරයටම වේ.තරුවට ආසන්නයේ ඇති ග්‍රහලෝක කුඩා වන අතර ඇතට යන විට විශාල ග්‍රහලෝක පිහිටා ඇත.නායා අයතන ප්‍රතම වරට නිල වශයෙන් පැහැදිලි කරා මෙම ග්‍රහ පද්ධතියේ ග්‍රහයන් තරුව වටා භ්‍රමණය වන දුර ප්‍රමාණය, අපගේ සෞරග්‍රහ මන්ඩලයට සමාන බවට.තරුවක සිට යම් ග්‍රහලෝකයටක පවතින දුර ග්‍රහලෝකයක ජිවයක් පැවතීම තීරණය කරනා ප්‍රදාන සාධකයක් වේ.

නව ග්‍රහ පද්ධතිය සහ අපගේ සෞරග්‍රහ මණ්ඩලය

අපගේ පෘතුවියට සමාන දුරකින් ඇති Kepler-90i ග්‍රහාලෝකය, අපගේ පෘතුවියට වඩා 30% ගුණයකින් විශාලයි.නාසා ආයතනයේ තාරකාවිද්‍යාඥ Andrew Vanderburg පවසන ලෙස මෙම ග්‍රහලෝකයේ ඇත්තේ ඉතාමත් රලු තතවයක්.එහි ගණතවයෙන් අඩු වායුගෝලයක් පවතින්නේ,එමෙන්ම මතුපිට උශ්ණත්වය ෆැරන්හයිට් අංශක 800 ට වඩා වැඩී.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...