Local Political 

අපේක්ශකයෙක්ගේ ස්ත්‍රී පුරුශ භාවය පිලිබද ගැටලුවක් නිසා පොහොට්ටුවේ නාමයෝජනා කුණුකුඩයට

Reading Time: < 1 minute

පළාත් පාලන ආයතන 93 ක් සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.මහරගම නගර සභාව සඳහා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත්තේ එක් අපේක්ෂයකුගේ ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් හේතුවෙනි.

මීට අමතරව වැලිගම, පානදුර, අගලවත්ත, බදුල්ල, මහියංගණය යන ප්‍රාදේශීය සභා සඳහා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා ද ප්‍රතික්ෂේප වී ඇත.ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය සමන්තුරෙයි සහ ආලයඩිවේබ්බු ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ද ප්‍රතික්ෂේප වී තිබේ.

පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා භාරදීම අද මධ්‍යහ්න 12 න් අවසන් විය.කොට්ඨාසයක අපේක්ෂකයෙකුගේ නම ප්‍රතික්ෂේප වීමට අමතරව 25% ක කාන්තා නියෝජනය නොතිබීම , පිළිගත් නියෝජිතයෙකු මාර්ගයෙන් නාම යෝජනා ඉදිරිපත් නොකිරීම, පක්ෂයේ ලේකම්වරයාගේ අත්සන නොමැතිවීම වැනි කරුණු මත පළාත් පාලන ආයතනයක නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ හැකිය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...