Local 

දුම්රිය රියදුරෙක්ගේ පඩිය ලක්ශ 2 යි දුම්රිය රියදුරන්ගේ ගැන සියලු කරුණු එළිවේ

Reading Time: 1 minute

දුම්රිය රියදුරෙකු අතිකාල දීමනාද සහිතව මසකට රුපියල් දෙලක්ෂ විසි හයදහසක(226 000) වැටුපක් ලබාගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද (11දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.එසේ තිබියදී මෙලෙස වැඩ වර්ජනය කිරිම අසාධාරණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

‘’..දුම්රිය රියදුරන්ගේ පඩිය රුපියල් 10 000 න් වැඩිකළාම මේ අවුරුදු දෙකට රුපියල් 22 000 න් පඩිය වැඩිවෙලා තියෙනවා. 2020 වෙද්දි රුපියල් 54 000 න් පඩිය වැඩිවෙනවා. ඔවුන් අතිකාල දීනමා එක්ක මාසෙකට දෙලක්ෂ විසි හයදාහක්( 2 26 000 ) පඩිගන්නවා. සමහර අය දෙලක්ෂයක් , එක්ලක්ෂ හැත්තැ පන්දහසක් ගන්නවා. දුම්රිය රියදුරෙක් පැය අටත් වැඩකරනවා. පැය නවයක් විවේක කාලයක් තිබෙනවා. ඒ විවේක කාලය පැය නවයට එක පැයකට පැය එකහාමාර ගානේ පැය 600 ක් අතිකාල ගන්නවා…‘‘

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපතිවරයා විසින් නිතුක්කරන ලද ගැසට් නිවේදනය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පාර්ල්මේන්තුවේදී මේ බව කීවේය.දුම්රිය වෘත්තීය සමිති පසුගිය (6) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති.

මේ අතර සිය වැඩවර්ජනය අඛණ්ඩව සිදු කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.දුම්රිය සේවයේ විවිධ ශ්‍රේණිවලට අයත් වෘත්තිය සමිති නියෝජිතයින් ඇතුළු සේවකයින් 1500කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් අද (11) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹී බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පැවසුවේ.

තමන් සේවයෙන් පහ කළ ද සිය ඉල්ලීම් සහා යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙන තුරු තමන් වර්ජනයේ නිරත වන බවයි ඔවුන් කියා සිටියේ.වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් තවත් පැය 20ක් තුළ අනිවාර්යෙන් සේවයට වාර්තා කළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.එසේ නොවුණහොත් ඔවුන් සේවය හැරගියා සේ සැලකීමටයි තීරණය කර ඇත්තේ.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් ඉකුත් 09 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් ප‍්‍රකාශයට පත් කෙරුණා.ඒ අනුව සියලු සේවකයින් පැය 24ක් තුළ සේවයට වාර්තා කළ යුතුයි. ඊයේ (10) දිනය නිවාඩු දිනයක් බැවින් අදාළ පැය 24ක කාලය ආරම්භ වන්නේ අද (11) උදෑසන 08.00 සිට බවයි නෙත් නිවුස් කළ විමසීමකදී දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ සඳහන් කළේ.

පැය 24ක් තුළ සේවයට වාර්තා කරන ලෙසට සියලු පාර්ශ්වවලට දැනුවත් කර ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.වර්ජනය සම්බන්ධයෙන් ගන්නා වූ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වර්ජනයට එක්ව සිටින වෘත්තීය සමිති මේ වනවිට විශේෂ සාකච්ඡාවකද නිරත වී සිටිනවා.කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ ලිඛිත විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය අත්නොහරින බවයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ ඉල්ලීමක් සිදු කරමින් විශ්‍රාමික දුම්රිය රියදුරන්ට, නියාමකවරුන්ට සහ ස්ථානාධිපතිවරුන්ට සේවයට වාර්තා කරන්නැයි දැනුම්දීමක් සිදු කරනවා.වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් රාජ්‍ය දේපළවලට යම් හානියක් කළහොත් ඔවුන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගන්නා බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා.

එමෙන්ම බියවැද්දීම් සිදු කරන පුද්ගලයින්ට එහෙිරව ද අත්‍යවශ්‍ය සේවා කොන්දේසි යටතේ පියවර ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.නි වැඩවර්ජනවලට මුහුණදීම සඳහා ඉදිරියේදී යුද හමුදා සාමාජිකයින් සේවයට එක්කර ගැනීමට තීරණය කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.ඒ අනුව තෝරාගත් යුද හමුදා සාමාජිකයින් පිරිසක් ඉන්දියාවට යවා පුහුණුවක් ලබාදී දුම්රිය සේවයට එක්කර ගන්නා බවයි ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...