Sport 

ඉන්දියාව පරදා ශ්‍රි ලංකාව ජයගත් කතාවේ සම්පුර්ණ විස්තර

Reading Time: 1 minute

එකදිගට තරග 12 ක පරාජයෙන් පසු ශ්‍රි ලංකාවට අවසානයේ ජය හිමිවිය.ලකුණු 114 ලබාගෙන විකට් 7 කින් ජය ගැනීමට ශ්‍රිලංකා කණ්ඩායම සමත්විය. තිසර පෙරේරා නායකත්වය දරන පලමු එක්දින තරගයෙන්ම ශ්‍රි ලංකා පිලිට ප්‍රභල ඉන්දීය කණ්ඩායම පරදා ජය ගැනීමට හැකිවීම සුවීශේශි සිද්ධියකි.

ඉන්දියාවේ දෝනි හැර කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකිරීමට ඉඩ නොදුන් ශ්‍රි ලංකා පන්දුවන්න ලකුණු 112 කට ඉන්දීය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් දවාගැනීමට සමත්විය.සුපිරි පන්දු යැවිමක් කල සුරංග ලක්මාල් කඩුලු 4 ක් දවා ගැනීමට සමත්විය.නුවන් ප්‍රදිප් කඩුලු 2 ද අන් සියලු පන්දුයවන්නන් කඩුලු 1 බැගින් ලබාගත්හ.

India

M.S දෝනි ලකුණු 65 ද Kuldeep Yadav ලකුණු 19 ද ලබාගත්තාය.දෝණි නොමැතිවන්න ඉන්දීය කණ්ඩායම අඩුම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය කණ්ඩායම වන්නට බොහෝ ඉඩතිබිණ.එමෙන්ම මෙතෙක් ඉතිහාසයේදී කණ්ඩායමක් පවර් ප්ලේ අවස්ථාවේ ලබාගත් අඩුම ලකුණු සංක්‍යාව ලබා ගත්තී ඉන්දීය කණ්ඩායම වේ.

ඉන්දියාව සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 112 ට පිළිතුරු ලෙස ශ්‍රි ලංකාව විකට් 3 දැවී ලකුණු 114 ලබාගත්හ.දනුශ්ක ගුණතිලක ලකුණු 1 ද පුලුල් තරංග ලකුණු 49 ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 ද නිරෝශ් දිකැවැල්ල ලකුණු 26 ද ලබාගත්ත.ලහිරු තිරිමාන්න ලකුණු නොලබා දැවිගියේය,

මෙම අවස්ථාවෙ මාධ්‍යට කරුණු දැක්වූ නායක තිසර පෙරෙරා මෙසේ පැවසීය“මුලින්ම කියන්නවශ්‍යයි පන්දුවනන්ට මෙම ජයග්‍රහනයේ ගෞරවය සියට 200 ක් හිමිවිය යුතුයි.ඔව්න් සියල්ල නිවරදිව සිදුකරා පන්දු ‍යැවීම නිවරදි ලයින් එකේ සහ ලෙන්ත් එකට සිදුකරා.ඔව්න්ගේ හික්මීම ඉතාමත් උසස් තලයක් පැවති එම නිසා අපි සාර්ථක වූවා. ඒවගේම අපි බලාපොරොත්තු නොවුන ලෙස විකට් ලබා ගැනිමට අපට හැකිවුනා අපි බලාපොරොත්තු වූයේ ඉන්දිය කණ්ඩයම ලකුණු 250-260 අතර ප්‍රමාණයක් ලබාගනී කියලා”සුපිරි පන්දු යැවීමක නිරතවූ ලක්මාල් ගැන තිසර මෙසේ පැවසීය “මම හිතනවා ලක්මාල් පරිපූර්ණ ලෙස ඔහුගේ සේවය සැපයූවා ටෙස්ට් තරගාවලියෙදී හා මෙම එක්දින තරගයේදී අපිට දැනට සිටින අංක එකේ වේග පන්දු යනව ක්‍රීඩක තමා සුරංග ලක්මාල්”

එමෙන්ම තුන් ඉරියව් ක්‍රිඩකයක් වූ ඇන්ජලෝ මැතිව්ස්ද නැවත පන්දු යැවීම ,පන්දු රැකීම සහ පහර දීම අතින් නැවත දක්ශතා අතරට එක්වීම සතුටට කරුණකි.තරගයේ වීරයා වූයේ සුරංග ලක්මාල්

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...