Foreign Sport 

ශ්‍රි ලංකා ක්‍රිඩකයන්ට මඩ ගැසූ ඉන්දියාවේ රෙදි ගැලවෙයි

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර නව දිල්ලි නුවර ෆේරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේදී නැවතත් පන්දු රකින ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු නැවතත් මුඛ ආවරණ සහිතව පිටියට පිවිසියේය.ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජයද සිල්වා ඒ අතර වෙති. නව දිල්ලි නුවර වායු දූෂණය හේතුවෙන් ඔවුහු මුඛ ආවරණ පැළඳ ක්‍රිඩා ඊ‍යේ ක්‍රිඩා කලේය.

තරඟයේ දෙවැනි ඉනිමේ හොඳින් පන්දු යවමින් සිටි සුරංග ලක්මාල් නැවතත් පළමු ඉනිමේ මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාව නිසා අපහසු තාවයට පත්වෙමින් වමනය කරන ආකාරයත් පසුව පිටියෙන් ඉවත්වන ආකාරයත් දැකගත හැකි විය.මෙලෙස ඉතා අපහසුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අපහාස වන අකාරයෙන් දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කරන ඉන්දීය ක්‍රීඩා විචාරකයන් තම වැරැද්ද වසා ගැනීමට “සුරංග ලක්මාල් වමනය දැම්මේ හදිසි ගැබ් ගැනීමක් නිසා” යැයි පැවසුවද පුදුම විය යුතු නැත්තේ ඉන්දියානු විචාරකයන්ගෙන් මීට වඩා හොඳ සැලකිල්ලක් අපේක්ෂා කල නොහැකි නිසාය.

මොහොමඩ් සාමි වමනය කරන ආකරය

මෙම තරඟයේ ප්‍රතිපලය කුමක් වුවත් ඉතිහාසයට එක් වන්නේ ඉන්දීය තරඟ සංවිදානයේ සිදුවූ විශාල අඩුපාඩුවක් සහිත තරඟයක් ලෙසය.එලෙස ශ්‍රී ලංකාවට සිනාසුන ඉන්දියාවටත් අද තරගයේ අවසාන භාගයේදී නොසිතු සිදුවීමකට මුහුණ පෑමට සිදුවිය.ඒ ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සාමිද එකවරම වමනය පිට කිරීම හේතුවෙනි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...