Sport 

කොලිගේ කසාදයට කලින් කෝලි වාර්ථාවක් තබයි

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 410 ක ඉලක්කයක් හිමිව තිබේ.ශ්‍රී ලංකා පළමු ඉනිම අද ලකුණු 373 කට සීමා වූ අතර එහිදී නායක දිනේශ් චන්දිමාල් ලකුණු 164 ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 111 ක් රැස්කිරීමට සමත්විය.අද දෙවැනි ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 246 ක් රැස්කළේ ශ්‍රී ලංකාවට ලකුණු 410 ක අසීරු ඉලක්කයක් හිමිකර දෙමිනි.

ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් ශිකර් ධවාන් ලකුණු 67 ක් රැස්කළ අතර, විරාත් කෝලි ලකුණු 50 ක් රැස්කළේය.රෝහිත් ශර්මා නොදැවී ලකුණු 50 ක් හා චෙතෙෂ්වර් පුජාරා ලකුණු 49 ක් රැස් කිරීමට සමත්විය.විරාත් කෝලි මෙම තරගයේ පළමු ඉනිමේ ලකුණු 243 ක් හා දෙවැනි ඉනිමේ ලකුණු 50 ක් රැස්කරමින් වාර්තා අතරට පිවිසියේ එක් තරගයක වැඩිම ලකුණු වාර්තා කල ඉන්දීය නායකයා ලෙසවේ.යුග දිවියට පිවිසීම සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින හා පන්දුවාර 20-20 තරගාවලියට සහභාගීනොවන විරාත් කෝලී, මෙම තරගාවලියේදී ශතක 3 ක් හා අර්ධ ශතකයක් සමගින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 610 ක් වේ

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...