Entertainment 

‌ගොබ්බ පත්තර කාරයන්ගෙන් සහ ඡ්‍යෝතිශ්කරුවන්ගෙන් ඔබත් පරිස්සම් වන්න

සුනාමි බොහෝමයක් ඇති වන්නේ මුහුද අභ්‍යන්තරයේ ඇතිවන භූ කම්පා හේතුවෙනි. භූ කම්පනයක් ඇතිවන දිනක් වේලාවක් කලින් කීමට තරම් තාක්ෂණයක් නැත.මනාලියක් බැලීමට මනමාලයෙක් පැමිණෙන්නා සේ කලින් දින වේලා වෙන් කරගෙන සුනාමි රළ පැමිණෙන්නේ නැත.භූ කම්පනයක් ඇති වූ පසු සුනාමි අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීමක් පමණක් සිදු කිරීමට හැකි බැවින් එලෙස අනතුරු ඇඟවීමක් අදාල ආයතනකින් සිදු කළවිට පමණක් අනතුරුදායක ස්ථාන වලින් ඉවත් වීම සිදු කරන්න.

ගොබ්බ ⁣ඡ්‍යෝතිශ්කරුවෙකුට හෝ ගොසිප් මාධ්‍යකරුවෙකු⁣ට සුනාමී ඇතිවීමක් ගැන අනාවැකි කීමට දැනුමක් නොමැති බව මතක තබා ගන්න.මුහුදු සර්පයෝ මුහුදෙන් මතුවන වි⁣ට සුනාමි පැමිණේ නම් සුනාමි අනතුරු දැනගැනීම සඳහා දියුණු රටවල් ඩොලර් මිලියන ගණන් වියදම් නොකර මුහුදු සර්ප වගාවක් කරනවා නොවෙද යන්න ටොක්කක් ඇන සිහියට ගන්න.මුහුදු සර්පයෝ මුහුදෙන් මිස අල්ලපු ගෙදර ඇන්ටිගේ ළිඳෙන් මතුවිය නොහැකි බව මතක තබා ගන්න.

සුනාමියක් ඇතිවිය හැකි ක්‍රම

1.මුහුද අභ්‍යන්තරයේ ඇතිවන භූමිකම්පාවකින්
මුහුද අභ්‍යන්තරයේ ඇතිවන සෑම භූමිකම්පාවකින්ම සුනාමි රළ ඇති වන්නේද නැග. භූ තල ඉහළ පහළ යන චලිතයකින් පමණක් සුනාමියක් ඇතිවේ.

2.විශාල උල්කාෂ්මයක් මුහුදට ඇද වැටීමෙන්.
මෙවැනි අවස්තාවකදී සුනාමි රළ පහරක් ඇතිවන අතර ඉතා විරල සිදුවීමකි.එවැනි විශාල ප්‍රමාණයේ උල්කාෂ්මයක් පෘථිවියට ළඟා වීමට පෙර හඳුනාගත හැකි බැවින් හුඹස් බියක් ඇති කර ගත යුතු නැත.

3.මුහුද අභ්‍යන්තරයේ නාය යෑමකින්.

4.මුහුද අභ්‍යන්තරයේ වන ගිනි කඳු පිපරීමකින්

වෙනරටක මෙලෙස හරකුන් මෙන් හෙඩ්ලයින් දමා බොරු නිව්ස් පත්තරවල පලකරයි නම් මේවනවිට ඔය පත්තර කන්තොරු සීල්කර අවසන්වේ.නමුත් හරිහමන් නිතියක් නැති රටක් ගොං පත්තර කරුවන් හිතෙන හිතෙන දේ ලියමින් මිනිසුන් බයකරමින් පත්තර විකුණාගනි.බත්කන හරකෙක් නොවී විද්‍යාතමක හිතන්න උබලා චිවත්වෙන්නෙ ගල් යූගෙටත් එහා වුවත් ලෝකය මිට වඩා දියුණුවී ඇත

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...