Sport 

නැවතත් නායකත්වයට මැතිව්ස්?

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ඉදිරි තරග සංචාර කිහිපයකින් පසුව නැවතත් එක්දින කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවන බව ක්‍රිකට් අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි. බොහෝ දුරට එම අවස්ථාව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවනු ඇතැයි එම ආරංචි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පසුගිය සතියේ අප සඳහන් කර සිටියේ නැවත එක්දින කණ්ඩායමේ නායකත්වය භාරගැනීමට මැතිව්ස් අකමැත්ත පළකර ඇති බවයි. එහෙත් මේ වනවිට වාර්තා වන්නේ ඉන්දීය තරග සංචාරයෙන් හෝ තවත් සංචාර කිහිපයකින් පසුව ඇන්ජලෝ මැතිව්ස් හට නැවත වරක් එක්දින කණ්ඩායමේ නායකත්වය ලබාදෙනු ඇති බවයි.

සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ඉතිහාසයේ පළමු වතාවට තරගාවලි පරාජයක් විඳීමෙන් අනතුරුව නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වූයේ නව නායකයෙකුට මීළඟ ලෝක කුසලානය සඳහා කණ්ඩායමක් සකස් කරගැනීමේ අවකාශ සලසා දෙමිනි. ඒ අනුව උපුල් තරංගට එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිවුණි. ඒ බව දැනුම්දීමට පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ මැතිව්ස් සඳහන් කර සිටියේ, මිළඟ ලෝක කුසලානයට කණ්ඩායමක් සකස් කර ගැනීමට උපුල් තරංගට අවශ්‍ය සහාය ලබාදෙන බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...