Local ‌Weather 

කාලගුණ දෙපාර්ථමේන්තුව නිකුත්කරන ලද විශේෂ කාලගුණ අනාවැකිය

Reading Time: 1 minute

කාලගුණික අනතුරු ඇඟවීම් යටතේ තද වැසි, තද සුළං සහ රළු මුහුද සඳහා අයහපත් කාලගුණය පිළිබඳ කාලගුණ නිවේදනයක් අද පස්වරු 3ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා.ඉදිරි පැය 72 සඳහා එය වලංගු වන බවයි එහි දැක්වෙන්නේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනට කි.මි 1300 පමණ නැගෙනහිර දෙසින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුලදී පීඩන අවපාතයක් වීමට බොහෝ ඉඩ ඇති බවයි.

තද වැසි, තද සුළං සහ රළු මුහුද සඳහා අයහපත් කාලගුණය පිළිබඳ කාලගුණ නිවේදනය.

ඉදිරි පැය 72 සඳහා 2017 දෙසැම්බර් මස 04 වන දින 1500 පැයට නිකුත් කරන ලදී.(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය)

දිවයිනට කි.මි 1300 පමණ නැගෙනහිර දෙසින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුලදී පීඩන අවපාතයක් වීමට බොහෝ ඉඩ ඇත. ඉදිරි දින 3-4 තුලදී මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා උතුරු තමිල්නාඩු-දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළට ලඟාවනු ඇතැයි අපෙක්ෂා කළ හැක. ඒ අනුව දෙසැම්බර් මස 5 සහ 6 වනදා වන විට මෙම පද්ධතිය ශ්‍රීලංකාවට නැගෙනහිර දෙසින් දිවයිනට තරමක් ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අනුමාන කල හැක.

මේ අනුව ඉදිරි දිනවලදී (විශේෂයෙන් දෙසැම්බර් මස 05 දින සිට) බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතී. තවද බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැ.කි.මී. 90-100, දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 70-80 සහ දිවයින තුළ (විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල) සුළගේ වේගය පැ.කි.මී. 50-60 යන අගයන් දක්වා වැඩිවිය හැකි බව අනුමාන කල හැකිවේ. (පද්ධතියේ වර්ධනය අනුව ඉහත සුළං වේගයන් තවදුරටත් වැඩිවිය හැක).

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිරන්තර වැසි, තද ප්‍රහාරාත්මක සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු විය හැකි බැවින් ඉදිරි දිනවලදී මෙම මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදීම අවධානම් සහිත වේ.

 

මහජනයා සඳහා කාලගුණ අනාවැකි

2017 දෙසැම්බර් මස 04 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි. දිවයිනට කි.මී. 1300 පමණ දුරින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු ඇත. ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී (විශේෂයෙන් හෙට දිනයේ සිට) දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල (විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ) සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතී.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සෙසු ප්‍රදේශ වල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.නැගෙනහිර, උතුරු, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ඇතැම් ස්ථානවලට සාමාන්‍යයෙන් තද වැසි(මි.මි. 75 වැඩි) ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර,සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රීක්කවලත් විටින් විට හමන (පැ.කි.මී. 50 ක්පමණ)තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

2017 දෙසැම්බර් මස 04 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි.ඉදිරි දින වලදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල (විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ) සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතී (දෙසැම්බර් මස 05 දින සිට).

පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට උතුරු දෙසින් හමන අතරසුළගේවේගයපැ.කි.මී. 30-40 ක්පමණවේ.පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.ගිගුරුම්සහිතවැසිඇතිවනවිටඑමමුහුදුප්‍රදේශවලවිටින්විටහමනතාවකාලිකඉතාතදසුළං (පැ.කි.මී.70-80 දක්වා) සහරළුමුහුදුප්‍රදේශ බලාපොරොත්තුවියහැක.

 

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...