Foreign Local Sport 

වායූ දූශණය නිසා ඊයේ මැච් එකේ වුන කවුරුත් නොහිතනා සිදුවීම් සියල්ල

Reading Time: 2 minutes

ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය නිසා ඊයේ ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙකු රෝගී වී තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ මෙම ක්‍රීඩකයින්ට ස්වසන අබාධ ඇතිවී ඇති බව ය.ඉන්දියාවේ දිල්ලි නගරයේ ෆෙරෝෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දු ශ්‍රී ලංකා තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද තෙවන දිනයයි.

ඉන්දීය නායක විරාත් කෝලි සිය ටෙස්ට් දිවියේ 6 වන ද්විත්ව ශතකය අද ලබා ගත්තේය.වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයක ලබාගත් ඉන්දීය ක්‍රිකට් නායකයා ලෙස වාර්තා අතරට එක්වූ කෝල් ලකුණු 243 කට දැවී ගියේය.දිවා විවේකයෙන් පසුව තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු රැකීම සඳහා පිටියට පිවිසියේ මුඛ ආවරණ සහිතවයි.

වායු දූෂණය නිසා ඇතිවූ අපහසුතා මගහරවා ගැනීම සඳහා ඔවුන් එම පියවර ගෙන තිබුණි.වායු දූෂණය නිසා පිටියේ පැවති තත්ත්වය හේතුවෙන් වරින්වර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට බාධා ඇතිවිය.ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 536 ක් රැස් කර ගෙන සිටියදී තරගය තාවකාලිකව නතර කෙරුණේ ක්‍රීඩකයින් ඔවුන්ට ඇතිවූ අපහසුතා පිළිබඳව විනිසුරුවරුන් දැනුවත් කිරීමෙන් පසුවයි.

එහිදී ඉන්දීය නායක විරාත් කෝලි ක්‍රීඩාගාරයේ සිට දැනුම් දුන්නේ සිය ඉනිම අත්හිටුවා පන්දු රැකීමට සූදානම් බව ය.අනතුරුව පළමු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු නොලබා දැවී ගියේය.ඇන්ජලෝ මැතිව්ස් අද වාර්තා කළේ ටෙස්ට් දිවියේ 29 වැනි අර්ධ ශතකයයි.තරගයේ දෙවන දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 131 ක් රැස් කරගෙන සිටියේය.තරගය පැවැත්වෙන පිටියේ පරිසර තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්තාවක් ලබාදෙන බව දන්වා ඇතැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රි ලංකා පුහුනුකරු පවසන ලෙස නිකෝ පොස්තා පවසන ලෙස පිටියේ පන්දු රැකිමෙන් සිටි ක්‍රිඩකයන් හට වමනය ගොස් ඇත.ඔව්න්ගේ ඩ්‍රෙසින් රුම්වල ඔක්සිජන් සිලින්ඩර් බවා සවිකර තිබුනු ඔහු පවසනලෙස මෙම තතවය ක්‍රිඩ්කයන්ට ක්‍රිඩා කල හැකි සාමාන්‍ය තත්වයක් නොවේ. ශ්‍රි ලංකා පුහුනුකරු පවසන ලෙස සුරංග ලක්මාල් හර දිගින් දිගටම වමනය කර ඇත.තව දුරටත් අදහස් දැකිවූ නිකෝ පොත්සා පැවසුවේ මෙවැනි තත්වයකට ඔවුන්ට මුහුණ දෙන්න වූ පළමු අවස්ථාව මෙය බවයි.අවසානයේදී පන්දු රැකීමට ශ්‍රි ලංකා ක්‍රිඩකයන් නොමැති වූ නිසා ශ්‍රි ලංකා ක්‍රිකට් කාර්‍යමන්ඩහලේ සමජිකයන්ද ශ්‍රි ලංකා කාණ්ඩායම යෙදවීය එය අවශ්‍ය අවසරය විනිසුරුවරයන් ලබාදුන්නේය.ශ්‍රි ලංකා කණ්ඩාමේ පුහුණු කරුවෙක් වූ Nick Lee ද ශ්‍රි ලංකාව වෙනුවෙන් පන්දු රැකීය .විදේශ පුද්ගලයෙක් ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රික්ඩා කල පලමු අවස්ථාව මෙය වේ

ශ්‍රි ලංකා කණ්ඩාමේ පුහුණු කරුවෙක් වූ Nick Lee ද ශ්‍රි ලංකාව වෙනුවෙන් පන්දු රැකීය

කෙසේ වෙතත් මේ පිලිබද ඉන්දීය මාධ්‍ය සහ හිටපු ක්‍රකට් ක්‍රිඩකයන් ශ්‍රි ලංකා පිලට වරද පටවයි ඔව්න් පවසන්නේ ශ්‍රි ලංකාව පරාජය වන මැච් එකකින් බේරිමට මෙලෙස වායූදූශනය මුවාවෙන් තරගය මගහැරීමට කටයුතු කල බවයි.ඔව්න්ගේ ප්‍රධාන තර්කය වන්නේ විරාට් කෝලි එකදිගට දිත්ව ශතකයක් මාස්ක් එක නොයොදා ක්‍රිඩා කරත් ඇයි ශ්‍රි ලංකා කණ්ඩාය එලෙස මුඛ ආවරණ පැලදුවේ යන්නයි.ඔව්න්ගේ රටේ පිරිස් හට වායු දූශණය හුරු පුරුදු දෙයක් වුවත් විදේශ රටක ක්‍රිඩකයන්ට එය එලෙස නොවේ.ඔව්න්ගේ නෆරයේ වායු දුශණය කොතෙද්ද යත් මීට පෙර ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කොලි පවා ට්විටර් සමාජ ජාලායට විඩියෝවක් දමා දිල්ලි නගරයේ ඇතිවී ඇති වායු දූශණය ගැන ජනතාව දැනුවත් කලාය.පහල ඇතේ එම විඩියෝවයි.

තම නගරයේ වායූදුශන අවම කරගන්නෙ නැතිව,දිල්ලියෝ ප්‍රශ්නයක් ඇතිබව දැන දැනත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වීම කොතරම් සාධාරණ දැයි සැමදෙනා කල්පානාකර යුතුය.ශ්‍රි ලංකාව බොරු කරා කියමින් කියාන ඉන්දීය ජනයා පසුගියදා මහත්මා ගන්දිගෙ පිලිරුවට පවා මුඛ ආවරණ දැමීනට පිවර ගත්තේය.පිලිරුවකට මුඛ ආවරණ දමනා පිරිසි විදේශ රටක ක්‍රිඩකයන්ගේ සෞක්‍ය ගැන නොසිතනේ ඔහුන්ගේ පහත් ගති ඉස්මතු කරමිනි.

මහත්මා ගන්දි ගේ පිලිරුවට මුඛ ආවරණ දමනා ආකාරය

මේ පිලිබද ට්විට්‍ර මාර්ගයෙන් ඉන්දියානුවෙක් අපූරු ප්‍රශ්ණයක් යොමුකර ඇත.එනම ශ්‍රි ලංකාව පන්දු රකින විට මුඛ ආවාරණ යොදාගත්තත් ඇයි පිත්කරණයේදී යොදා නොගත්තේ යනුවෙනි.මෙයට ශ්‍රි ලංකවේ රසල් ආනෝල් පවසා ඇත්තේ ඉන්දීය පිතිකරුවන් ෆීල් කරද්දී සන්ග්ලාස් යොදා ගත්තත් බැට් කරන කොට යොදා ගන්නවාද යන්නයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...