තවත් අඩුපිඩනයක් මග එනවද සියල්ල දැනගන්න පිවිසෙන්න
අන්දමන් දූපත් කලාපයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ලබන 5 හා 6 වනදා වන විට ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් දිවයිනට තරමක් ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අනුමාන කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරට ත් සඳහන් කරන්නේ වායු ගෝලීය තත්ත්වයන් වෙනස්වීම මත මෙහි ගමන් මාර්ගය වෙනස් වනු ඇති බව ය.
මෙම අඩු පීඩාන කලාපය දැනට ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 1700 ක් පමණ නැගෙනහිර දෙසින් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතී.මෙම අඩු පීඩන කලාපය ඉදිරි දිනවලදි වර්ධනය වෙමින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා ඉන්දියානු ගොඩබිම් වෙත ඇතුළුවන ආකාරයක් දැනට පවතින ගෝලිය ගණිතමය ආකෘති අනුව පුරෝකථනය කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.මෙම පද්ධතියේ නවතම තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්නතර අවධානයෙන් සිටින බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරට ත් දැක්වේ