Local 

අපදාව එන්න විනාඩි 20 කලින් රතුනෙවෙදන දෙන කාලගුණේ

Reading Time: 1 minute

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මෙන්ම කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපා ඇති තද සුළං නිසා ගස් කඩාවැටීම් රැසක් වාර්තා වී තිබේ.තද සුළඟින් ගස් කඩා වැටීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇනහිට ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ නිසා දුම්රිය මගීහු රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති. මේ වන විට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය තුනක් අතර මඟ නවතා ඇතැයි දැනගන්නට ඇත.ප්‍රදේශ රැසකින්ම විදුලිය ඇනහිටීම් වාර්තා වේ.දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය ද අඩාල වී ඇත.

කොළඹ ප්‍රදේශ රැසකද ගස් කඩාවැටීම නිසා මාර්ග අවහිර වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. හෙට දිනයේද තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.කෙසෙ වෙතත් ඊයේ දිනයේ පැමිණියේ සුලි සුලගක් නොවන බව කලගුණ දෙපාර්ථමේන්තුව පවසයි මෙය දැනට ගැඹුරු අවපීඩන තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එනිදා තද සුළං හැමුවත් එය තවමත් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

රතුනිවේදනය

ඊයේ 29 වන දින රාත්‍රී 7.30 ට කාලගුණ දෙපාර්ථමේන්තුවේ ස්වාභාවික විපත් පිලිබද පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් රතු නිවේදනයක් නිකුතකර ඇත. ඉන් පවසන්නේ දිවයිනට තද සුලං හමන බවය නමුත් රාතිර් 8 වන විට තද සුලං හමා හානි සිද්වීමට පටන්ගත්තේය.හරි හමන් රටක රතු නෙවේදන ලබා දෙන්නේ අපදාව සිද්ධවීමට පෙර මිනිසුන්ට එයට මුහුන දීමට අවශ්‍ය කාලය තබාය. නමුත් ශ්‍රි ලංකාවේ රතු නිවේදන ලබාදෙන්නේ අපධාව සිදුවීමට විනාඩි 20 කට කලිනි. මාධ්‍යට එම නිවේදන ගොස් ජනතාවට කියනාවිට මිනිසුන් එම අපධාවට මුහුණ දෙමින් සිටි.2004 සුනාමිය පැමිණ යනතුරු කලගුණ ලොක්කන් සුනාමියක් යනු කවරෙද කියා නොදැන සිටියේය..එදා සිට කාලගුණ දෙපාර්ථමේනුව පවසනේ දියුණු වෙන බවයි නමුත් සුනාමිය පැමිණ අවුරුදු13 ගොසිනුත් කාලගුණදෙපාර්ථමෙන්තුව දියුණුවී නැත.නමුත් ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රි ලංකවට මුහුණ දිමට වන අපදාව ගැන සවස 4 පමණ වන විට හිලිකර සිටියේය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...