Local 

‌ඊයේ ලංකාව කඹවමින් සුළං හමයි

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මෙන්ම කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපා ඇති තද සුළං නිසා ගස් කඩාවැටීම් රැසක් වාර්තා වී තිබේ.
තද සුළඟින් ගස් කඩා වැටීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇනහිට ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ නිසා දුම්රිය මගීහු රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති. මේ වන විට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය තුනක් අතර මඟ නවතා ඇතැයි දැනගන්නට ඇත.ප්‍රදේශ රැසකින්ම විදුලිය ඇනහිටීම් වාර්තා වේ.දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය ද අඩාල වී ඇත.

කොළඹ ප්‍රදේශ රැසකද ගස් කඩාවැටීම නිසා මාර්ග අවහිර වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. හෙට දිනයේද තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.කෙසෙ වෙතත් ඊයේ දිනයේ පැමිණියේ සුලි සුලගක් නොවන බව කලගුණ දෙපාර්ථමේන්තුව පවසයි මෙය දැනට ගැඹුරු අවපීඩන තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එනිදා තද සුළං හැමුවත් එය තවමත් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. එවැනි තත්ත්වයක් වර්ධනය වුවහොත් කඩිනමින් ඒ පිළිබඳව දැනුම් දෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...