Foreign 

‌උතුරු කොරියාව මුලු ඇමරිකාවම විනාශකල හැකි මිසයිලයක් අත්හදාබලයි

උතුරු කොරියාව නවතම බැලැස්ටික් මිසයිලයක් අත්හදාබලා තිබෙනවා.මෙම මිසයිලයේ විශේෂත්වය වන්නේ මෙම මිසයිලයට සම්පුර්ණ ඇමරිකා එක්සත් ජනපදයම ඉලක්ක කිරිමට හැකියාව ඇති ප‍රාසයකට පිවිසීමට හැකියාව ලැබිමයි.මෙම මිසයිලයට වොශින්ටන් නුවර ඇතුලු ඇමරිකා එක්සත් ජනපදයේ ඔනිම ස්ථානයකට ප්‍රහාර එල්ල කල හැක.

මිසයිලය ගැන කොරියානු මාධ්‍ය ප්‍රකාශ කල ආකාරය

උතුරු කොරියාවේ රාජ්‍ය රූපවහිනිය පවසන්නේ ඔව්න් අලුතින්ම අත්හදා බලන ලද Hwasong-15 මිසයිලය ඔව්න් මෙතෙක් සාදන ලද බලවත්ම අන්තර් මහත්දීව අතර ප්‍රහාර එල්ල කලහැකි බැලැස්ටික් මිසයිලය බවයි.එමෙන්ම මෙම මිසයිලයට සුවිශල් ‍යුධ ශිර්ෂයක් (super-large heavy warhead) රැගෙන කිලෝමිටර් 4,500 ක සිරස් උසකට යා හැකිබව පවසයි.

අත්හදා බලන ලද මිසයිලය ගැන විස්තර(newsfirelk.com)

Hwasong-15 මිසයිලය යනු මීට පෙර ඔව්න් නිර්මාණය කල Hwasong-14 මිසයිලය වැඩිදියුණු කර සාදන ලද මිසයිලය්ක් වෙ.මෙම මිසයිලය අද පාන්දර කොරියානු වෙලාවෙන් උදේ 3 ට ජංගම මිසයිල විදිනයක් මගින් Pyongsong ප්‍රදෙශයේ සිට අත්හදා බලන ලදි.මෙම මිසයිලය කිලීමිටර් 4,475 උසට ගිය පසු ජපානයේ විශේෂ ආර්ථික කලාපය අසන්නයට පතිත විය.

ට්‍රම්ප් සහ කිම් ඉන් ජෝන්

පසුගිය දා ඇමරිකානු ජනපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් ගේ සාර්ථක ආසියානු සංචාරයෙන් පසුව මෙවැනි අත්හදා බැලිමක් සිදු කිරීම පිලිබඳ බොහෝ දෙනා පවසන්නේ උතුරු කොරියානු නායකයාගේ නාහයට නාහන ගති ලොවට පෙන්විමක් ලෙසයි.මීට පෙර ඩොන්ල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඔහුගේ ධුරකාලයේ දී උතුරු කොරියාවට ICBM වර්ගයේ මිසයිල නිර්මානය කිරිමට ඉඩ නොදෙන බවයින් නමුත් මේ වන විට සම්පුර්ණ එක්සත් ජනපදයටම පහරදිය හැකි මිසයිලයක් ඔව්න් අද අතහදා බැලීය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...