Foreign Technology 

Facebook සමාගමමේ කෘතිම බුද්ධි ලොවපුරා සියදිවි නසාගැනිම වලක්වන්න සැරසෙයි

Reading Time: 1 minute

Facebook ආයතනය ඔව්න්ගේ නවතම රාටවන් හදුනාගෙන ප්‍රතිචාර දැකිවිය හැකි ( pattern recognition )කෘතිම බුද්ධුය සහිත වැඩසටහන් ඇමරිකාවෙන් පිට ලොකයේ සියලුම රවලට හදුන්වා දීමට සැරසෙනවා.පසුගිය කාලයේ ෆේස්බුක් සමාජ ජාලය විවිධ සටහන් යොදා සියදිවි හානිකර ගැනීම් ලොකයේ විවිධ ප්‍රදේශවලින් වාර්ථ වුනා.සමහර පුද්ගලයන් ෆේස්බුක් සමාජ අඩවියේ ඇති Live Stream පහසුකම යොදාගෙන සියදිවි නසාගැනීම සිදුකරා.

මෙම තතවයන් නැවැත්විමට ෆේස්බුක් සමාජ ජාලය 2017 අවුරුද්දේ මාර්තුමාසයේ සිට පරිශීලකයන් යොදනා පොස්ට් වල ඇති වචන,පලකරනා ඡායාරුප වල අන්තර්ගතයන්,ඔව්න් පලකරන කොමන්ට් සහ විඩියෝවල ඇති අන්තර්ගතයන් ක්ෘතිම බුද්ධි වැඩසටහන් මගින් සුපරික්ශණයටලක් කීරීම ඇරඹුවා එමගින් යම් පුද්ගලයෙක් දිවිනසා ගැනීමට ආසන්න මානසික තත්වයක ඇත්නම් එය වහාම ෆෙස්බුක් අඩවියට අ හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා.

මුලින් මෙය පරීක්ශණ මට්ටමේ තිබූ අතර ඉන්පසුව ඇමරිකන් එක්සත් ජනපදයේ අතහදා බැලීමට ඔව්න් කටයුතු කලා මෙහිදී ඔව්න්හට 100 පමණ දෙනා සියදිවි නසා ගැනිම වලින් බෙරා ගැනීමට හැකිවුනා.ඔව්න් පවසන ලෙස සියදිවි නසාගැනීමට උත්සහ කරනා පුද්ගලයා හදුනාගත්විට ඔවුන් වෙත ක්ෂණිකව අවශ්‍ය උපදෙස් සහ උදව් ලබාදීමට ඔව්න්ගේ වෙනම නිලධාරින් මණ්ඩලයක්ද සිටිනවා.ඔව්න් මේ සදහා සුවිශේෂි පුහුණුවක් ලැබු අය වනවා.ඉන්පසුව සියදිවි නසා ගැනීමට තැත්කල පුද්ගලයට සමීප පුද්ගලයන් හට මෙය දැනුම් දී ඔහුව එම ක්‍රියාවනෙ මුදවා ගන්න කටයුතු කරනවා අවශ්‍ය වූ විට ඔව්න් පොලීසියෙත් සහය ලබා ගන්නා බව යි පැවසෙනේ.

ෆේස් බුක් සමාගමේ ප්‍රකාශකයෙක් පවසන ලෙස ඔවුන් ඉදිරියේදී ලොක් ඔනිම භාශාවකින් කතා කර හැකි කාර්‍යමණ්ඩලයක් ද මේ සදහා සේවයට ගන්නා බවයි තවදුරටත් අදහස් දැක්වූ ඔව්න් පැවසුවේ “අපට සිදුවී තිබෙනවා එම පුද්ගලයා හදුනා ගත් සැනින් ලොව කොහේ සිටියත් උදව් කරන්න.ඒක නිසා වේගවත් බව ඇත්තටම ගැටලුවක්…නමුත් ඔබ දැන ගන්න ඔනි අපි ඔබ දිහා නිතරම කරුණාවෙන් උදව් කිරීමට කැමැත්තෙන් බලා සිටින බව”

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...