Entertainment Local 

‌අවුරුදු 62 පස්සේ විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් 16 ආ ශ්‍රි ලංකාවේ සුරුපිණිය

Reading Time: 1 minute

ක්‍රිස්ටිනා පීරිස් යනු ශ්‍රි ලංකාව නියෝජනය කරමින් Miss Universe 2017 තරගයට සහභාගි වූ ශ්‍රි ලංකික යුවතියයි.ඇයට රටවල් 92 ක සුරුපිණියන් අතරින් අවසන් 16 දෙනා අතරට එක්වීමට හැකිවුනේ පුංචි රටක් වුන ශ්‍රි ලංකාවට මහත් අභිමානයලක් ලබාදෙමිනුයි.1955 ශ්‍රි ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජින තරගයට සහභාගීවූ Maureen Hingert ගෙන් පසුව විශ්ව රැජින තරගයක ජයග්‍රාහි සිමාවේ ඉහලටම ලගාවූ එකම ශ්‍රි ලංකික තරගකාරිය වන්නේ ක්‍රිස්ටිනා වේ.

Miss Universe 2017 තරගයේ දී ක්‍රිස්ටිනා

ක්‍රිස්ටිනාට වසය අවුරුදු 23 වන අතර ඇය බම්බලපිටිය Holy Family Convent පාසලෙන් අධ්‍යාපනය ලබන ලද තරුණියකි.ඇය විලාසිතා සැලසුම් ශිල්පිණියක් වන අතර ඇයට ඇයගේම විලාසිතා නිර්මාණයන් සහිත ව්‍යාපාරයක් ඇත.ඇගේ ව්‍යාපරවලින් ඇය ලබනා ආදායම යොදවන්නේ ශ්‍රි ලංකාවේ සිටිනා පිලිකා රෝගින් හට උදව් කිරිමටයි.ඇය එලෙස පිහිටවන්නේ රෝගින්ට පමණක් නොව එම ප්වුල් වල සිටිනා දරුවන් හටද උදව් උපකාර කරයි.

අවසන් 16 දෙනා අතර ආ ක්‍රිස්ටිනා

ඇය පවසන ලෙස ඇයට අවුරුදු 13 දේ ඇගේ මව පිලිකාවක් නිසා මිය යන අතර ඇගේ සීයා සහ මිත්තනියද පිලිකාවන් නිසා මියයයි.මේ නිසා ඇය පිලිකා රොගින් සහ ඔව්න්ගේ පවුලේ උදවිය මුහුණ දෙන කටුක තත්වය පිලිබඳ හොද අත්දැකිමක් ලැබී ඇත.ඇයට ලැබු කටුක අත්දැකීම් තවත් කෙනෙකුට හිමිකර නොදීමට ඇය ඇගේම ව්‍යාපාරයක් අරඹා මෙම පුන්‍ය කටයුත්ත කරගෙන යයි.

විශ්ව රූ රැජින තරගයේදීද ඇගේ පිලිකා රොගින් උදෙසා කරනා සුවිශේෂි කටයුත්ත කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය සහ අගයකිරිම් හමුවිය .ඇගේ සුරුපි බව සහ ඇ සිදුකරන ලද සුවිශේෂි සෙවයත් අවසන් 16 අතරට එක්වීමට උදව් වූ බව ජාත්‍යන්තර මාධ්‍යපව පවසයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...