Entertainment 

ඇමරිකානු එක්සත් ජනපදයේ ශ්‍රි ලංකික නමය තබමින් නිව්‍-යෝක් නුවර ලංකාවේ තරුණියක් දාපු කෞතුකාගාරය

Reading Time: 1 minute

පිටරට ඉන්න අපේ සමහර අයට අපේ දේවල් අමතකයි. අපේ සංකෘතිය, අපේ කලාව ඒ අයට අගය නැහැ. අඩුම ගානේ අපේ රටේ ඉන්න සමහරුන්ටත් ඒක අගය නැහැ. සංකෘතිය රැකගන්න ඕනේ අරක මේක කියලා බහුබූත නම් කියවනවා හැබැයි ඒ රටේ අභිමානය,සංස්කෘතිය වෙනුවෙන් කරපු දෙයක් නැහැ. ඒ වුණාට අපේ රටේ ඉපදුනේ නැති නමුත් අපේ රටේ දියණියක් අපේ සංකෘතිය ලෝකෙටම පෙන්වමින් ඉන්නවා.

අපේ පුංචි රටට ආඩම්බර වෙන්න පුළුවන් එහෙම වැඩක් කරපු ඇය ඉන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ.ඇය නමින් ජූලියා විජේසිංහ…ඇය අපේ රටේ සංකෘතිය සහ දේශීය කලාව වෙනුවෙන් කෞතුකාගාරයක් පිහිටුවලා තියෙනවා නිව්යෝර්ක් නගරයේ. මේක තමයි පිටරටක තියෙන ලංකාවේ පළමු කෞතුකාගාරය..මේ කෞතුකාගාරය පිහිටුවන්න ඇය මහන්සි වී තිබෙන ප්‍රමාණය කියන්න හැකියාවක් නැහැ. මොකද ඒක ඒ තරම් ලොකු කැපකිරීමක්..

ජූලියාගේ අම්මයි තාත්තයි අවුරුදු 30ක් තිස්සේ ජිවත් වෙන්නේ නිව්යෝර්ක් නගරයේ. ජූලියා ඉපදිලා තියෙන්නෙත් නිව්යෝර්ක්වල. දැන් ඇයගේ වයස අවුරුදු 18යි. වයස අවුරුදු 15දි තමා ඇය කෞතුකරාගය නිර්මාණය කරන්න පටන් අරගෙන තියෙන්නේ.ඇයගේ අම්මයි තාත්තයි ලංකාවේ කලාව සහ සංකෘතිය ගැන කියලා දුන්න දේවල් නිසා සහ හැම අවුරුද්දකටම එක්වතාවක් ඇයව අරගෙන ඔහුන් ලංකාවට එන නිසාත් තමයි මේ වැඩේ කරන්න ඇයට් ලොකු ආශාවක් ඇවිත් තියෙන්නේ.

ආශාවක් විතරක් නෙමේ ඇය ඇත්තටම අපේ රට සංකෘතියට සහ කලාවට පුදුමාකාර ආදරයක් දක්වනවා.ඇය ගොඩක්ම දක්ෂ නර්තනයටලු…ජූලියා මේ කෞතුකාගාරය පිහිටුවලා තියෙන්නේ ඇයගේ පියාගේ රෙස්ටුරන්ට් එකේ. එහෙම කරන්න හේතුව විදියට ඇය කියන්නේ. රෙස්ටුරන් එකට මිනිස්සු බොහොමයක් එන නිසා ඒ අයට පහසුවෙන් ලංකාවේ කලාව සහ සංකෘතිය ගැන දැනගන්න පුළුවන් කියා.ඒ වගේම තමා නිව්යෝර්ක්වල තියෙන ලංකාවේ අහාර තියෙන එකම රෙස්ටුරන්ට් එකත් මේකමයි.ඉතින් අපි ආඩම්බර වෙන්න ඕනේ ජුලියව සහ ඒ අම්මා තාත්තාව පිටරට හිටියත් අපේ දේ අගය කරනවට.

ජූලියා අරම්බහකරපු කෞතුගාගරය ගැන ඇය පවසන්නේ මෙන්න මේවගේ දෙයක්…

“මගේ කෞතුකාගාරය නම් කරලා තියෙන්නේ Sri Lankan Art & culture Museum NY. ඒක තියෙන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් වල. මගේ තාත්තා ලක්රුවන විජේසිංහ. ඇමරිකාවේ පලවෙනි ශ්‍රී ලාංකික රෙස්ටුරන්ට් එක පටන් ගත්තේ මගේ තාත්තා. තාත්තාගේ රෙස්ටුරන්ට් එක පහල තට්ටුවේ තමයි කෞතුකාගාරය තියෙන්නේ. ලංකාවේ හැම ආගමක්ම හැම සංස්කෘතියක් ම ජිවන රටා වගේ ලංකාව හා බැදුණු හැම විස්තරයක් ම මගේ කෞතුකාගාරයේ තියෙනවා. මේ අවුරුද්දේ මාර්තු 27 තමයි මේ කෞතුකාගාරය පටන් ගත්තේ. මම ඉපදුනේ නිව්යෝර්ක් වල ක්වින්ස් කියන පැත්තේ. මම මට අවුරුදු 3 ඉදන් හැම අවුරුද්දෙම ලංකාවට යනවා. ඒ ආවාම ලංකාවේ ගොඩක් තැන් වල ඇවිදින්න යනවා. ඒ ගියාම තමයි ගොඩක් දේවල් හොයා ගන්නේ. මගේ තාත්තා ඉස්සර ඉදන් ලංකාවේ දේවල් එකතු කරන කෙනෙක්. ගෙදරත් හරියට කෞතුකාගාරයක් වගේ. මමත් තාත්තාගෙන් තමයි එකතු කරන්න පුරුදු වුනේ. තාත්තා තමයි මට නිතරම ලංකාව ගැන කියා දෙන්නේ. මටත් ඕනි වුනා ඇමරිකාවේ ඉදන් ලංකාව වෙනුවෙන් දෙයක් කරන්න. ඒ නිසා මම අවුරුදු 15දී තමයි මගේ තාත්තාගෙන් ඇහුවේ මට මෙහෙම කෞතුකාගාරයක් පටන් ගන්න පුළුවන් ද කියලා. නමුත් නිත්‍යානුකුලව ඒක කරන්න අවුරුදු 18 වෙනකම් ඉන්න වුනා. ඒ අනුව තමයි ලංකාවෙන් තව බඩු ගෙනල්ලා මේ අවුරුද්දේ පටන් ගත්තේ. මගේ අම්මයි තාත්තයි මට ගොඩක් උදව් කරා. අපි බඩු ගන්න එහෙම ගියාම වුනත් ගොඩක් අය අපිට සහයෝගය දුන්නා.මොකද අපි මේ දේවල් ගන්නේ හොද දෙයක් කරන්න නිසා. ඉස්සරට තවත් දේවල් එකතු කරලා කෞතුකාගාරය තවත් ලොකුවට කරන්න හිතාගෙන ඉන්නවා. “

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...