Entertainment 

ලංකාවේ සවිකරපු කොණ්ඩම් මැශිමට විරුද්ධව මාහ උද්ගෝශණයක්?

Reading Time: 1 minute

පසුගිය දා උපත් පාලකකොපු මුදල් ගෙවා ලබාගත හැකි වෙන්ඩින් මැශින් එකක් කොළඹ 4 බුලර්ස් පටුමගේ සවිකලාය.මෙම උපකරණය මෙහි ස්ථාපනය කලේ අනාරක්ශිත ලිංගික ඇසුරවල් වලින් සිදුවන සමජ රෝග බොවීම අවම කිරීමටය.මෙය ශ්‍රි ලංකාවේ සමහරක්ට අමුතු දෙයක් වුවත් දියුණු රටවල මෙයා සාමාන්‍ය දෙයකි.මේවන විට මෙම කොන්ඩම් මැශිමට විරුද්ධව සමහර පිරිස් විවිධ දේ කියයි..සමහරුන්ගේ මතය අනුව මෙම කොන්ඩම් මැචිම ලංකාවේ සවිකර ඇත්තේ හෙල සංස්ක්ෘතිය විනාශ කිරීමටයි..පහල ඇත්තේ එලෙස අදහස් ප්‍රකාශ කරන ලද අවස්ථාවකි…

ලංකාවේ හැමදේටම විරුද්ධ වෙන බොඩ් උස්සන් පාරවල් ගානේ රස්තියාදු ගහන පිරිස් මෙයටද විරුද්ධව පාගමනක් හෝ උද්ගෝශණයක කීරිමට බැරි නැත එළෙස උද්ගෝශන කලහොත් ඔව්න් යොදාගන්නා සටන් පාඨ රැසක් අලලා ලිවුන Vimukthi Wijewardana විසින් ලියන ලද ලිපියක් තමා පහල තියෙන්නේ

ලංකවෙ ලොකුම ගැටලුව කොන්ඩම් මැෂින්ද කියල ගොඩ දෙනෙක් අහල තිබ්බ. ඉතිං අපෙන් අහ අහ ඉන්නෙ නැතුව ඔය වැඩේ නවත්තර දාන්න ලේසියෙන්ම කරන්න ඕනෙ දේවල් ටිකක් යෝජනා කරන්න කැමතියි.
ටසිරිලංකාවේ නිදහස් පක්සෙ ටරැන නන්නානෙ උං පහුගිය දවසක කීවනෙ බියර් අඩු කරන්න තරම් ලංකාවෙ මත්පැන් සදහා ඉල්ලුමක් නෑ කියල. කෝකටත් කොන්ඩම් මැෂින් හයි කරන්න කලින් මේ ටරැනයන්ගෙන් අහල හිටිය නම් හොදා, ලංකාවෙ ඩිස්ටි ඩිඩිං වලටත් ඉල්ලුමක් නැද්ද දන්නෙ නෑ නෙ. උන් සපෝර්ට් එක දෙනව ෂුවර්
සමහර විට ආරක්ෂිතව සංසර්ගයේ යෙදීම වෙනුවෙන් කොන්ඩම් පුචලිත කරනවට වඩා තුන්වැනි සිල් පදේ රැකීම යන මැයෙන් රට පුරා පෝස්ටර් කැම්පේන් එකක් කලොත් හරියයි.
# තුන සුරකින තුන් හෙලේ බොදු දරැවෝ
# තුන රකින්න කොපු මොකටද?
# තුන රැක්කොත් ඔබ රැකේවි.
මේ වගේ පෝස්ටර් අලවල තුන් වෙනි සිල් පදේ අගය රට වැසියට දැනුවත් කරෑකි..
තව ලිංගිකත්වය කියන්නෙ පට්ටපල් බොරැවක් කියල නලීන්ද සිල්වා ලවා දේශන මාලාවක් කලෑකි.
අපේ 2500ක හෙල සබ්යත්වයේ මහා ජීවන පරිචය තුලින් සුපෝශිත ලාංකීය පුරවැසියා වැවයි දාගැබයි ගමයි පන්සලයි මුලික කරන් හිටිය මිසක් කොන්ඩම් දාගෙන ඩිස්ටි ඩිඩිං දැම්මෙ නෑ කියල අත්තනායක ඇම් හේරත් ලවා ඩොරමඩලාවෙ කියවන්නත් පුලුවන්.


කොන්ඩම් කියන්නෙ අපේ සංස්කෘතියේ මෙවලමක් නෙමෙයි ඒක බටහිර අධිරාජ්ය වාදීන් පාවිච්චි කරන නරරරරන චීයා හිතෙන කක්කි දෙයක් කියල ඕෂදී වගෙ නිලියක් ලවා නිවේදනය කලෑකි.
ඔබට අඩු “සතුට” ද දැං කියල මහරජාගෙ වේදිකාවක හයියෙන් ඇහුවැකි.
කොන්ඩම් ජනප්රිය කිරීම මුස්ලිම් කුමන්ත්රනයක් කියල බොදු බල සේනාවටයි සිංහලේ සංවිධානෙටයි කිව්වැකි. ජාතිය ගොඩගන්න නම් ඇතුලෙම යවන්න ඕනෙ කියල උන් මේකට විරැද්ධ වෙයි.
කොන්ඩම් පරිසරයට එකතු වීම තුලින් නිවර්ථන වැසි වනාන්තර වල පාන්ශු ඛාදනය වෙලා පහතරට වියලි කලාපයේ කටු පදුලැ සහිත ලදු කැලෑ විනාශ වීමටත් වක්රාකාරයෙන් ගර්ම කලාපයේ උන්නතාංශය පහත වැටීමටත් හේතු වෙනව කියල ජනාධිපති දැනුවත් කලෑකි. (කොහොමද stage එකේ කොන්ඩම් උස්සං ඉන්න කොට).
මේ වගේ දේවල් කලා නම් ලංකාවෙ ඇත්තටම කොන්ඩම් මැෂින් උවමනා නෑ කියල ජනමතයක් හැදුවැකි. විරැද්ධ නොවී ඉන්න එපා හැම දේටම විරැද්ධ වෙයල්ල.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...