Local 

කෝටි 2 කට ටුනාමලුවෙක් මීගමුවේදී විකුණයි

Reading Time: 1 minute

ඉතාමත් දුර්ලභ ගණයේ මතස්‍ය විශේෂයක් වන බ්ලු ෆින් ටූනා මතස්‍යයෙකු මිගමුවේ ධීවරයන්ට පසුගිය දා හසුවී ඇති බවට වාර්තා වෙනවා. කිලෝ 230කටත් වඩා බරකින්යුත් මේ ටූනා මතස්‍යයාගේ වෙළදපල වටිනා කම රුපියල් කෝටි දෙකත් ඉක්මවන බව මීගමුව ධීවර සකසුරුවම් කේන්ද්‍රය සමාජිකයෙකු කියා සිටියා.

ඉතා වටිනාකමකින් යුතු බ්ලු ෆින් ටූනා මතස්‍යයා රැගත් බෝට්ටුව ඊයේ රාත්‍රියේදි මිගමුව මංකුලිය ලෙල්ලම වෙත ලගාවි තිබු බව එම සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කළා. ලංකාවේ බහුලව හසුවන ටූනා මතස්‍ය විශේෂය යෙලෝ පින් ටූනා ලෙසින් හදුන්වන අතර බ්ලු ෆින් ටූනා යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් වෙනවා.

සමාන්‍යයෙන් ලංකාවේ මුහුදු කලාපය තුල දකින්නට නොලැබුනද නවසිලන්තය වැනි මුහුදු කලාපයන් හි බහුල මේ මතස්‍ය විශේෂය සිටින බවත් ජංගම දුරකථනයකින්ක රන ලද ගනුදෙනුවකින් මීගමුව මුහුදේ සිට ගොඩ බිමට ගෙන ඒමටත් පෙර බහු දින යාත්‍රාවක් තුලදි කෝටි දෙකකට වඩා වැඩි මිලකට මෙම මතස්‍යා අළවි වි ඇතැයි වාර්තාවෙනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...