Local 

බැඳුම්කර සිද්ධිය තවදුරටත් පැතිරේ 2008 සිට තොරතුරු සොයන්න ඉල්ලීමක්

බැඳුම්කර සම්බන්ධයෙන් 2008 වර්ෂයේ සිට සියලූම තොරතුරු ඇතුළත් පොදු පරීක්ෂණයක් සිදු කරන ලෙස එ. ජා. ප පසුපෙළ මන්ත‍්‍රිවරු රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි තුෂාර ඉඳුනිල් මහතා අද (22) පැවසීය.ඒ අනුව 2008 වසරේ සිට සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් මහ බැංකු නිළධාරීන් ඇතුලූ සියලූම පාර්ශවයන්හි තොරතුරු ලබා ගෙන මෙම විමර්ශණය සිදු කරන ලෙසද මන්ත‍්‍රිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 03 හි පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජය ගනු ලබන තීන්දු තීරණ වලට ප‍්‍රශංසා වෙනුවට ගල් එල්ලකරන සංස්කෘතියක් අද නිර්මාණය වී ඇති බවද මන්ත‍්‍රිවරයා එහිදී වැඩිදුරටත් කීය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...