Entertainment Foreign Local Science Technology 

ඊයේ හවස ශ්‍රි ලංකිකයන්ට ලංකා අහසේ දැකගන්න ලැබුන විශේෂ ආකාශ වස්තුව

ඊයේ හවස 6.25 ට නිරිත දිග අහස දිහා බැලුවනම් ඔබට දකින්න පුළුවන් වුන දෙයක් ගැන තමයි මේ කියන්න යන්නෙ.අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය දැක බලා ගැනීමේ හැකියාව ඊයේ ශ්‍රී ලංකා වාසීන්ට උදාවුනා. ඒ අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ පස්වරු 6.25 සිට විනාඩි 05 ක කාලයක් නිරිත දිග අහසේ මෙය දැකගැනීමට හැකියාව ලැබුනා.

ISS රාත්‍රි අහසේ පෙනෙන ආකාරය

ශ්‍රි ලංකා වාසින්ට මෙම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථනය දැකගැනීමට හැකිවුනත් මෙය ශ්‍රි ලංකාව ඉහලින් ගමන් ගත්තේ නැත.මෙය ගමන්ත්තේ රුසියාවට ඉහලින් ආහසේය.පැය කිලෝමිටර් 27626 පමණ වෙගෙන් ගමන් ගත් මෙම අභ්‍යාව කාශ යානය රාත්‍රි 10 පමණවන විට චීනය පසුකරමින් ජපන් මුහුද වෙත පිවිසියේය.

ISS tracker මාර්ගයෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ පිහිටි ස්ථානය

මේවනවිට අභ්‍යාවකාශයේ පවතින මිනිසා විසින් නිශ්පාදිත විශාලතම වස්තුව ලෙසටයි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හඳුන්වා දී ඇත්තේ. මෙය දිගින් මීටර් 109 ක් වන අතර පළල මීටර් 73 ක් වෙනවා. මෙම යානයට පෘථිවිය වටා ගමන් කිරීමට විනාඩි 90 ක කාලයක් ගතවන අතර මෙහි වෛද්‍යවරයෙක් ඇතුළු ගගණගාමීන් හය දෙනෙකු සිටිනවා.

මීට පෙර ISS ශ්‍රි ලංකාව ඉහලින් ගමන් ගන්නාවිට ගත් ඡායාරූප

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...