Sport 

දික්වැල්ල කෙරූ දේ අනුමත කල මහේලට කෝලි ඔලුව අතගා ටොක්ක අනීද?

මේ මොහොතේ කඩුලු 4ක් දැවී ශ්‍රී ලංකා පිල අසීරු අවස්තාවක පසු වූ අතර නිරෝෂන් දික්වැල්ල අවස්ථා කිහිපයකදීම තරඟය ප්‍රමාද කිරිමට නිකරුනේ කාලය වැය කකරන බව ඉන්දියානු ක්‍රීඩකයන්ගේ චෝදනාව විය.එහිදි එක් අවස්ථාවක මොහොමඩ් ෂීම් දික්වැල්ල වෙත ගොස් යමක් පවසන අතර අවසානයේ විනිසුරුවන් හා නායකයන් දෙපළද තත්වය සමනය කිරීම සඳහා සම්බන්ධ විය.කෙසේ වෙතත් දික්වැල්ලගේ මෙම හැසිරීම විස්තර විචාරක රසල් ආනල්ඩ්ගේ පැසසුමට ලක්වී තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරන රසල් ආර්නල්ඩ් පවසන්නේ අනෙක් පිතිකරුවන්ගේ එවැනි ආත්ම විශ්වාසයක් හා තරඟයට ප්‍රවිෂ්ට වීමක් නොදුටු බවයි.

දික්වැල්ල සහ මොහාමඩ් ෂමී අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ ආකාරය

මේ අතර මහේල ජයවර්ධනද මේ පිළිබඳව ඔහුගේ ට්විටර් ගිණුමේ පලකර තිබූ අතර එහිදී ඔහුද නිරෝෂන් දික්වැල්ලගේ ක්‍රියාවට සතුට පළකර තිබූ අතර විරාත් කෝලි හටද සුභපැතුම් එක්කර තිබුණා. එයට පිළිතුරු ලබාදුන් කෝලි පවසා තිබුණේ ටෙස්ට් තරඟ හොඳම තරඟ බවත් අනෙක් තරඟයට මුහුණ දීමට සූදානම් වන බවත්ය.

මහේල ගේ ට්වීට් එකට reply කරන ලද කෝලි

කෙසේ වෙතත් කොලි මෙලෙස පැවසූයේ ඊලග තරගයේදී ශ්‍රි ලංකාව අනිවාරෙන් පරාජයකරන බවත් එදා සිදුවූ දෙහි පළිය ඊලග තරගයෙන් තමා ඇතුලු කණ්ඩායම ශ්‍රි ලංකාව පරාජය කර ලාබ ගන්නවා යන්නද බව බොහෝ දෙනා පවසයි.මිට පෙර කෝලි මෙවැනි අවස්ථාවල උද්වේගකර හැසිරිම් රටා පෙන්නුවත් දැන් දැන් කොලි එලෙස හැසිරෙන බවක් පෙන්වනේ නැත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...