Sport 

චන්දිමාල් නිසා ලංකාට දඩුවම් ඉන්දියාව එක බොලෙට ලකුණු 7 ගහයි

Reading Time: 1 minute

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සිදු කල ක්‍රියාවක් නිසා ශ්‍රී ලංකාවට දඩුවමක් ලබා දීමට විනිසුරුවන් විසින් තීරණය කළා.ICC ය විසින් හදුන්වා දී ඇති නවතම නීති අනුව පිතිකරුවන් මුලා කිරීමට පන්දු රකින්නන් විසින් සිදු කරන ක්‍රියාවන් සදහා පිතිකරණයේ යෙදෙන කණ්ඩායමට ලකුණු ලබා දීම සිදු කරනවා.

ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට අද දිනයේදී එවැනි දඩුවමක් විදීමට අද සිදුවුණා.ඉන්දීය පිතිකරු විසින් එල්ල කල පහරක් පසුපස හැබෑ ගිය දිනේෂ් චන්දිමාල් පන්දුව රැක ගන්නේ නොමැතිව කඩුලු රකින්නාට පන්දුව යොමු කරනවා සි පෙන්වීම හේතුවෙන් මෙම දඩුවම විදීමට සිදුවුවා.

එහිදී විනිසුරුවන් විසින් ඉන්දීය කණ්ඩායමට ලකුණු 5ක් ලබා දුන් අතර පිතිකරුවන් දිවගිය ලකුණු 2ක් සමග ලකුණු 7 ක එම පන්දුවට ඉන්දියාවට හිමි වුවා.එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...