Local 

‌රජය සේවකයන්ට පඩි වැඩිකරන්න එපා වෛද්‍යවරු කියයි

පොදු වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදයක් යටතේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදු කලහොත් තම සංවිධනය එයට විරුදවන බව සහ ජාතික වැටුප් ප්‍රතිපත්තියේ විෂමතාවයක් හා විකෘතියක් ඇතිවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ අදහස් පලකලේ අද පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් පලකල ඒ මහතා පෙන්වා දුන්නේ 2006 වසරේ සිට ජාතික වැටුප් ප්‍රතිපත්තිය නිසා වැටුප් විෂමතා ඇතිව තිබුනද සාමාන්‍ය ආකාරයෙන් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට හැකිවූ බවයි.

අයවැයෙන් යෝජනා කරන පරිදි පොදු වැටුප් ක්‍රමයක් අටතේ වැටුප් වැඩි කිරීමට රජය කටයුතු කලහොත් රාජ්‍ය සේවය වියවුලෙන් වියවුලට පත්වෙන බවද හෙතම අවධාරණය කලේය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...