Local 

ෂැංග්‍රි ලා කලම්බු චීනයෙන් ලංකාවට ආ සුපිරි හෝටලය වැඩ අරඹයි

කොළඹ ගාලු මුවදොර ඉදි කරන ලද ‘ෂැංග්‍රි ලා’ හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) විවෘත කෙරුණි.මෙරට ඉදි කරනු ලැබූ දෙවැනි ‘ෂැංග්‍රි ලා’ හෝටලය වන ‘ෂැංග්‍රි ලා කලම්බු’ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා පැවැති ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි විය.

 

සුභ මොහිතින් පිත්ත පටි කපා ජනපතිවරයා හොටලය විව්ෘත්ත කල අතර.චීන සංස්කෘතිකාංගයක් වන සිංහයාට ඇස තැබීමේ අවස්ථාවට ද සහභාගි විය.එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ‘ෂැංග්‍රි ලා’ ජාත්‍යන්තර හෝටල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී බෙන් චී ලිම්, ‘ෂැංග්‍රි ලා කලම්බු’ හෝටලයේ සාමාන්‍යාධිකාරි තිමොති රයිට්, අලෙවි හා කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස් මැක්ෆෝල් යන මහත්වරු සහභාගි වූහ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...