Sport 

‌හෙටින් ඇරඹෙන ඉන්දියානු තරගාවලියේ ශ්‍රිලංකාවට වාසිදායක තත්වයක්?

Reading Time: 1 minute

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචරයේ ප්‍රථම ටෙස්ට් තරගය මේ මස 16 – 20 වැනිදා කල්කටාවේත් 24 – 28 දෙවන ටෙස්ට් තරගය නාග්පුර්හි දීත් දෙසැම්බර් 2 – 6 තුන්වන ටෙස්ට් තරගය නව දිල්ලියේත් පැවැත්වීමට නියමිතය. එක්දින තරග තුන පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 ධර්මශාලාපිටියේත් 13 වැනිදා මොහාලිහිදීත් 17 වැනිදා විශාඛා පට්නම්හිදීත් ය. 20 -20 තරග කටක්හිදීත් (දෙසැම්බර් 20) ඉන්දුර්හීදීත් තුන්වන තරගය 24 දා මුම්බායිහීදීත් පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව මේ වන විට සිටින්නේ ඔස්ට්‍රේලියාව සහ නවසිලන්තය සමග තිබු තරගාවලි ජයගෙන ඉතාඅත් හොද මානසික මට්ටමකින්.කෙසේ වුවත් මේ තරගාවලියේදී ශ්‍රි ලංකාව නැවත තම දක්ශතා අතරට පැමිණේ යැයි බොහෝ දෙනා ප්‍රකාශ කරයි.ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක) දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, රංගන හේරත්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, ළහිරු ගමගේ, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා

ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට නම් කළ සංචිතයේ නායකයා ලෙසට විරාත් කෝලි තවදුරටත් කටයුතු කරන අතර සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වන්නේ ලෝකේෂ් රාහුල්,මුරලි විජේ,ශිකර් ධවාන්,චිතේෂ්වර් පුජාරා,උප නායක අජින්කෙයා රහනේ,රෝහිත් ශර්මා,කඩුලු රකින ක්‍රීඩක ව්රිද්දිමන් සහා රවිචන්ද්‍රන් අශ්වින්,රවීන්ද්‍ර ජඩේජා,කුල්දීප් යාදෙව්,මොහොමඩ් සාම්,උමේෂ් යාදෙව්,බුවනේෂ්වර් කුමාර්,ඉෂාන්ත් ශර්මා

මෙම ශ්‍රි ලංකා කණ්ඩායමට අභාධය සුව වී සිටිනා ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය සිල්වාද එකතුවී සිටී.අසේල ගුණරත්න සහ කුසල් ජනිත් මෙම සංචාරයට සහභාගි වුවත් තරග සංචිතයට එක්කර නොමැත.ශ්‍රි ලංකාව ඉන්දියාව සමග ටෙස්ට් තරගාවලි 3,එක්දින තරගාවලි 3 ක් සහ 20-20 තරගාවලි 3 ක් ක්‍රිඩා කිරීමට නියමිතය.මෙම තරගාවලිදිවත් ශ්‍රි ලංකා කණ්ඩායමට ජය ගැනීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...