Entertainment 

අපි දකින ටිවී ඇඩ් ඇත්තටම වුනා නම් කොහොම වෙයිද? සියල්ල දැනගන්න

Reading Time: 1 minute

1. “ඔය කුණු පැල්ලම් යවන්න යන්නෙ රුපියල් 10 යි පුතේ ”
*ඒත් ඇත්තටම – දැන් සබන් කෑල්ලක් කීයද ආ ආච්චිට ක්‍රීන්කැකර් කවන්න ඔය රුපියල් දහය තියාගෙන ඉඳගන්නව.

2. “සෝදමු තව සෝදමු සෝදමු තව..”
*ඒත් ඇත්තටම – වතුර බිල යනව යකෝ ඔහොම හේදුවොත් අත දිය වෙයි

3.”වළං පිඟන් කන්දක් හෝදන්න එක විම් බින්දුවයි යන්නෙ ”
*ඒත් ඇත්තටම-“‍හප්පේ මේ බින්දුව වැටිච්ච තැනවත් හොයන්න නෑ නේ..කෝ ඔය පොල් මුඩ්ඩක් ගෙනෙං මේ පැල්ලම් යවන්න බෑ නැත්තන් “

4.”ඒ තේකොළ අපෙ පරණ තරහ මරහ නැති කරා..ආයෙ දවසක එන්නම් නිවී හැනහිල්ලේ තේකක් බීල යන්න ”
*ඒත් ඇත්තටම –මොකක්ද තේ උඩිච්චි කිවේ?උඹ මට තේ අල්ලන් එන්න..ඕවට වඳ බෙහෙත් දාලද දන්නෙත් නෑ

5.”දරුවාගේ වර්ධනයට අවශ්‍ය විටමින් A සහ D වලින් අනූන..”
*ඒත් ඇත්තටම –මූට පොඩි කාලෙ ඉඳන් ඇස්ට්‍රා ගිල්ලුව බඩ විතරයි වර්ධනය වුණෙ….

6.”එන්න කෝක් බොට්ල් එක ඕපන් කරන්න …..”
*ඒත් ඇත්‍තටම –ඒ පොඩි එකා අම්මටත් ටිකක් ඉතුරු කරල බීපිය.
-අක්කනෙ වැඩිපුර බිව්වෙ ඇයි මට කියන්නෙ

7. නැමි තුනේ දත් බුරුසුව නිසා ළඟා වීමට අමාරු දත් පවා හොඳින් සුද්ධ කරනවා..
ඒත් ඇත්තටම-“අම්මේ හැට්ට කට්ටක් දෙන්ඩෝ අඹ කොස්සක් හක්කෙ හිර වෙලා..”

8.මෑ ජික් මෑජීක් අයිස්ක්‍රීම් හඳුන්වාදෙන රස රැසකින්..අදම අත් විඳින්න
ඒත් ඇත්තටම –“හප්පේ ඒවගෙන් එකක් 90 ක් වෙනව.වොන්ඩර්බාර් දෙකක් ගන්ඩ පුළුවන් තව 10 ක් දාල “

9.උන්ගෙ අම්මා රස පළතුරු බීමක් හදලා ලල ලල ලා..
ඒත් ඇත්තටම –“ඕවගෙ තියෙන්නෙ ඩයි .තව තනිකර ඇසිඩ්.ඔය ගාණට පළතුරු ගෙනල්ල බ්ලෙන්ඩරේට දාගෙන බොනවකො.”

10.අහවල් සොසේජ් රසයෙන් දිව පිනා යයි…
ඒත් ඇත්තටම –“ඕවගෙ තියෙන්නෙ චිකන්මද කියල කවුද දන්නෙ..මස් නම් සතා මොකාද කියල කියන්න පුළුවන්.ඕනි නම් චිකන් කිලෝ එකක් උනත් ගෙනල්ල දෙන්නම්”

11.ඔබේ වැසිකිළියේ විෂබීජ 99.9% ක් ම පිරිසිදු කරයි.
ඒත් ඇත්තටම –“බලන්න පුතේ ඇසට නොපෙනෙන විසබීජ තියා අර අයිනෙ හිටපු කූඹියටවත් මුකුත් වුණෙ නෑ නෙ”

12.මේ 100% ක් පිරිසිදු සුදු පොල්තෙල්..
ඒත් ඇත්තටම – “මේ පොල්තෙල් එක මළාට මිදෙන් නෑ නෙ..ඔලුවෙ ගාන ගමෙන් ගෙනාව තෙල් එක ආං මිදිල”

ලිව්වෙ Ishu Windy

-Copied-

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...