Foreign Lates Local 

සෞදියේ ශ්‍රි ලංකාවේ දරුවන් ලිංගික වහලුන් ලෙස තබාගෙන සිටින බව හෙලිවේ

සෞදියේ ශ්‍රී ලංකික දරුවන් එරට ලිංගික වහලුන් ලෙස තබාගෙන සිටින බවට සවුදි රජ කුමරිය වන අමිරා බින්ට් අයිඩන් බින් නයෙෆ් අනාවරණය කර තිබෙනවා.අමිරා යනු Al Waleed bin Talal ගේ හිටපු බිරිඳ ද වනවා.මේවන විට Al Waleed bin Talal කුමරු සෞදි රජය විසින් සිරභාරයට ගෙන තිබෙනවා ඒ ඔහුට එල්ල වූ දුශණ වංචා නිසා.ඇය පවසන ලෙස ශ්‍රි ලංකාව, රුමේනියාව, බල්ගේරියාව, බංගලාදේශය, පීලිපීනය ඇතුළු රටවල් රැසක දරුවන් සෞදියට ගෙනවුත් ලිංගික වහලුන් ලෙස සේවය කිරීමට කුලියට ලබා දෙන බව ඇය ප්‍රකාශ කලේ පසුගිය ඉරිදා ප්‍රංශ පුවත්පතක් වන Le Monde වෙත අදහස් දක්වමින්.

Amira කුමරිය

එසේම සෞදියේ වහල් සේවය ඉතා සූක්ෂව සහ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන අතර එය සෞදියේ ඉහළ පැලැන්තියේ කුමාරවරුන්ට හිමිවන ප්‍රධාන වරප්‍රසාදයක් බවද ඇය අනාවරණය කර තිබුනා. එසේම ඇය පවසන පරිදි යම් කිසි දරුවෙකු මිලදීගත් පසු එම දරුවා මිලදී ගන්නා ලද පුද්ගලයාගේ දේපලක් බවට පත්වනවා. එවැන් අවස්තාවකදී එම පුද්ගලයාගේ අවසරයකින් තොරව පිටවී යාමටද එම දරුවන්ට හැකියාව ලැබෙන්නේ නැහැ.

විශේෂයෙන්ම සෞදි රාජධානියෙන් පිටත බොහෝ රාත්‍රි සමාජ ශාලා ඇති අතර ඒ තුල මෙවැනි සිදුවීම් සිදුවන බවද ඇය අණාවරණය කරනවා.එමෙන්ම සෞදියේ සේවයට පැමිණෙන කාන්තාවන්ද බොහෝ ප්‍රමාණයක් මෙවැනි වහල්භාවයට පත්ව ඇති බවත් ඒ අතරින් රූමත් කාන්තාවන් වෙළඳාම හා විවිධ ලිංගික පුහුණුවීම් සඳහා යොදා ගැනිම බහුලව සිදු වන බවත් ඇය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...