Foreign Local Sport 

හතුරුසිංහ අඩු පඩියට ලංකාවට එයි? බන්ග්ලාදේශ කණ්ඩායම වුන දේ ගැන කම්පණයෙන්

දුර්වල කණ්ඩායමක් විදියට හඳුන්වපු බංග්ලාදේශ කණ්ඩායම හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව වැනි ප්‍රභල කණ්ඩායම් පවා පරාජය කරා. එ් නිසාම ලෝකය පුරාම ශ්‍රි ලාංකිකයෙක් වූ හතුරුසිංහට ප්‍රශංසා කලා

හතුරුසිංහ 2019 ලෝක කුසලානය දක්වා බංගලාදේශ ක්‍රිකට් අායතනය එක්ක ගිවිසුම් ගත වෙලා හිටියා. නමුත් ගිවිසුමේ අනුව ඊට කලින් ඉවත් විමට මාස 3 කට පෙර බන්ග්ලාදේශයට ඔහුගේ ඉවත්වීම ගැන දැනුන් දිය යුතුයි ඒ අනුවසා හතුරු බංගලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරඟාවලිය අාරම්භයේදීම අස්වීමේ ලිපිය භාර දුන්නා.

හතුරු බංගලාදේශයේ පුහුණුකරු විදියට වැඩ කරද්දී ලක්ෂ 40 ක පඩියක් ලැබුණ බවයි සදහන් වන්නේ. එ්ත් ලංකාවේ පුහුණුකරු තනතුරු බාර ගන්න කැමත්ත පලකරද්දී ඔහු ඊට වඩා අඩු පඩියකට පැමිණෙන බවයි සදහන් වන්නේ.

හතුරු සිංහගේ ඉවත්විම ගැන බංග්ලාදේශ ක්‍රිඩකයන් ඉතමාත් දුකින් පසුවනවා ඔව්න් පවසන ලෙස ඔහුගේ ඉවත්වීම ඇසු විට ඔව්න් පුදුමයට පත්වී සිටිනවා.ඔව්න් පවසන ලෙස හතුරුසිංහ සමග ඔව්න් අවුරුදු 2යි මාස 6 පමණ කාලයක් සිට තිබෙනවා.බංග්ලාදෙශ කණ්ඩායම හතුරු සිංහ දැඩි සම්බන්ධයක් තිබු බවයි ඔව්න් පවසනේ නමුත් ඔහුගේ ඉවත්වීම ගැන හතුරුසිංහ ඔවුන්ට කිසිවක් කිවේ නැති බවයි බන්ග්ලාදේශ ක්‍රිඩකයෙක් වන Mahmud පවසන්නේ. බන්ග්ලාදේශ නායකයා පවසන ලෙස හතුරු සිංහගේ ඉවත්වීම ඔවුන්ට මහත් වේදනවක් වූ බව පවසයි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...