Sport 

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවේ පුහුණුකරු විමට නියමිතයිද?

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය එරට ක්‍රිකට් ආයතනයට බාර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඒ වගේම එම මාධ්‍ය පවසන්නේ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුගේ ධුරය සඳහා යෑම සඳහා මෙලෙස ඉවත්වී තිබෙන බවයි.මේ අතර ඉන්දිය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත පූර්ණ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බදාදා (08දා) ඉන්දියාවට පිටත්විය. කෙසේ වෙතත් එම කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා නව පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීමට පිටත්විමට නොහැකිවිය. ඒ වීසා ගැටුවක් හේතුවෙනි.

පළමු ටෙස්ට් තරගය කොල්කටා ඊඩ්න් ගාඩ්න්ස් පිටියේදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කොල්කටා නුවර රැඳී සිටියි.තිලාන් සමරවීරට ඉන්දීයාවට පිටත්වීම සඳහා හෙට (10දා) වන විට වීසා ලැබෙනු ඇතැයි ක්‍රිකට් ආයතනය විශ්වාසය පළකරයි.ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණු තරගයට අනිද්දා (11දා) හා 12 දා ඉන්දීය සභාපතිගේ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දීයාවේදී ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරන්නේ වසර 8කට පසුවය. ඉන්දියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 17කට ක්‍රීඩා කර ඇති අතර එයින් තරග 10ක් පරාජයට පත්ව ඇත. තරග හතක් ජයපැරදුමෙන් තොරව අවසන් වී ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...