Local Political 

හදිස්සියේ කඩා පත්වු පෙට්‍රල් හිගයේ ඔබ නොදන්නා කතාව(සැටලයිට් ඡායාරුප සහිතයි)

Reading Time: 1 minute

වර්ථමානයේ ඇතිවී ඇති පෙට්‍රල් හිඟය ගැන බොහො දෙනෙක්ට නිවරදි වැටහීමක් නැත.ඒ පිලිබද ඔබ නොදන්න දේ ඇතුලත් කල Lankaenews වල පලවූ සම්පූර්ණ ලිපියක් උපුටාගෙන පහත පලකල ඇත.


 

දූෂිත රණතුංග සොයුරන් සහ තෙල් සංස්ථාවේ දූෂිත නිලධාරීන් එක්ව ප්‍රතික්ෂේපිත බාල පෙට්‍රල් තොගයක් යලි රට තුලට ගැනීම සඳහා කෘතිමව ඇති කරන ලද පෙට්‍රල් හිඟය ගැන ඊයේ රාත්‍රී ලංකා ඊ නිව්ස් කරන ලද හෙළිදරව්වෙන් පසු එය වසා ගැනීමට තෙල් සංස්ථා අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ජනමාධ්‍යයට පට්ට පල් කෙබර කෙළ තිබේ.

මේ සම්බන්ධයෙන් අද උදෑසන දෙරණ නාලිකාව විසින් කරන ලද විමසීමකදී ඔහු පවසා ඇත්තේ අපූරු කතාවකි. එනම් ලංකා අයි ඕ සී සමාගම වෙත පැමිණි ඉන්ධන නෞකාවක් ප්‍රතික්ෂේප කර යැවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා ගෙන එන ලද ඉන්ධන නෞකාවක් ලංකා අයි.ඕ.සී සමාගම වෙත ලබාදීමට පියවර ගත් බැවින් ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන හල්වල පෙට්‍රල් හිඟයක් හටගත් බවයි.

ඔහු කියන කතාව සත්‍ය සේ ගත්තද මේ තීන්දුව ගත් පුද්ගලයන් ඛනිජ තෙල් සංස්ථා සේවයෙන් පන්නා දැමීමට මේ ප්‍රකාශයම සෑහෙනු ඇත. තම ආයතනයට පාඩු විඳගෙන රට තුල ඉන්ධන හිඟයක් හදා ඉන්දියානු කොම්පැනියේ ලාභය වෙනුවෙන් මොවුන් ක්‍රියා කර තිබේ. ජනතාවට පීඩා කර ඇත්තේ ද සිතා මතා ය. රජයේ ආයතනයක නොව පුද්ගලික ආයතනයකවත් තම ආයතනයට පාඩු ලබන තීන්දු තීරණ ගන්නා මෙවැනි අපතයෝ තබා ගන්නවාද?

ඉන්ධන රැගත් මීළඟ නෞකාව එලඹෙන සඳුදා දිනය වන විට දිවයිනට පැමිණීමට නියමිත බව ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ යයි දෙරණ වැඩි දුරටත් වාර්තා කර ඇත. එයද අමූලික බොරුවකි.පහත සේයාරූ වලින් දැක්වෙන්නේ ලංකා ඊ නිව්ස් ඊයේ හෙළිකළ පරිදි බාල තෙල් ගෙනා Torm Astrid නෞකාව සහ තෙල් සංස්ථාවෙන් ගෙන්වීමට කටයුතු කළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් Neverska Lady නැව ලෝක නැව් ගමනාගමනය දැක්වෙන සැටලයිට් වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදේ 11 වන විට මුහුදේ තිබෙන ස්ථානයන්ය.

Torm Astrid නමැති බාල තෙල් ගෙනා නෞකාව තංගල්ලට නුදුරු මුහුදේ ගමනාන්තයක් නොමැතිව තිබෙන ආකාරය

ඒ අනුව Torm Astrid නමැති බාල තෙල් ගෙනා නෞකාව තංගල්ලට නුදුරු මුහුදේ ගමනාන්තයක් නොමැතිව පසුගිය 29 වෙනිදා සිටම නැංගූරම් ලා සිටී. ඔවුන් එසේ බලා ඉන්නේ ඇයි..? කුමන හෝ හේතුවකින් බාල තෙල් තොගය යලි ලංකාවට ගොඩ බා ගත හැකිය යන විශ්වාසයෙන් නොවේද?

Neverska_Lady නම් නැව දැන් තිබෙන ස්ථානය

තෙල් රැගෙන එන Neverska Lady නැව ආරාබි මුහුදේ ඕමානයට නුදුරින් කොළඹ වරාය බලා එමින් තිබේ. සැටලයිට් වාර්තාව අනුව එම නැව කොළඹට ලඟා වීමට නියමිතව ඇත්තේ ලබන 09 වෙනිදා පාන්දර 12.30 ට ය. වරායට තෙල් නැවක් පැමිණි පසු එම තෙල් ඉන්ධන පිරවුම් හල් කරා ලඟා වීමට අවම වශයෙන් දින දෙකක් ගත වනු ඇත. ඒ අනුව ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇත්තේ ලබන 11 වෙනිදා වන විට ය.

මේ පිලිබඳවද තෙල් සංස්ථා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයා මාධ්‍යයට පවසා ඇත්තේ බොරුවකි. ඔහු කියන්නේ සඳුදා එනම් 06 වෙනිදා වන විට තෙල් නැවක් පැමිණෙන බවයි. අදාල සැටලයිට සේයාරූ පහත දැක්වේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...