Local 

‌සුනාමි අනතුර ඇගවීමේ පෙරහුරුවට හලාවත ජනයා සහභාගි නොවේ

Reading Time: 1 minute

සුනාමි අනතුරු හැඟවීමේ පෙරහුරුව අද (05) පස්වරුවේ පැවතියත් එය හලාවත ප්‍රදේශයේ සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ බවක් දක්නට නැත.පස්වරු 2.05 ට පළමු අනතුරු හැඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවට පූර්ව දැණුම් දීම් කර තිබුනත් පළමු නිවේදනය නිකුත් වූයේ පස්වරු 2.26 යට. ඒ වන විට හලාවත වෙරළ තීරය තුළ විශාල සංචාරකයින් පිරිසක් රැස්ව සිටියත් ජනතාව එම ස්ථානයෙන් ඉවත්ව යන ආකාරයක් දක්නට නොලැබුණි.

පසුව පොලිස් නිලධාරීන් සහ යුධ හමුදා නිලධාරීන් මේ බව රැස්ව සිටි පිරිසට කියා සිටියත් බාහිර ප්‍රදේශ වලින් පැමිණ සිටි ඇතැම් පිරිස් ඉවත්ව ගියත්, ව්‍යාපාරික කටයුතු සිදු කරමින් සිටි පිරිස ඒ ආකාරයටම රැදී සිටින බවක්ද දක්නට ලැබුණි. සුනාමි නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව ජනතාවට රැස්විය හැකි ආරක්ෂිත ස්ථානය ලෙස හලාවත ආසන දෙව්මැදුර නම් කර තිබුණි.එම ස්ථානයේ හලාවත ප්‍රාදේශීය ලේකම්වරයා සහ සහන නිලධාරීන් රැදී සිටියත් වෙරළ ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයින්ගෙන් ආරක්ෂිත ස්ථානයට පැමිණ සිටියේ අතලොස්සක් පමණි.

සුනාමි අවදානමක් ඇති බවට නිවේදනයන් නිකුත් කර ඇති විටෙක මුහුදු වෙරළ ආසන්නයෙන් ඉවත් නොවන්නේ මන්දැයි විමසූ විට එහි සිටි තරුණයෙකු කියා සිටියේ එවැනි අවදානමක් ඇත්නම් පළමුව ඉවත් වන්නේ සතුන් බවත්, තවමත් සතුන් වෙරළ තුළ රැදී සිටීම නිසා අවදානම් තත්ත්වයක් පිළිබදව විශ්වාස කළ නොහැකි බවයි.

උපුටා ගැනීම-lankadeepa.lk-

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...