Sport 

‌BPL වල උපුල් තරංග සංගාගේ කණ්ඩායම පරදා ජය ලබයි.තරගයේ වීරයත් උපුල්

Reading Time: 1 minute

බංගලාදෙශ ප්‍රිමියලීග් කණ්ඩායම ඊයේ දිනයේදි නිමාවට පත්වුනා .ඒ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සහ ස‍යිල්හෙට් සික්සර්ස් කණ්ඩායම අතර‍යි.එහිදී කුමාර සංගක්කාරගේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම කඩුලු නවයකින් පහසුවෙන් පරාජය කළ ස‍යිල්හෙට් සික්සර්ස් කණ්ඩායමට තරගාවලියේ පළමු හිමිකරගත්හ.

ස‍යිල්හෙට් සික්සර්ස් කණ්ඩායමේ ආරම්ඹක පිතිකරු ලෙස ක්‍රිඩාකල ශි ලංකානු ක්‍රිකට් නායක උපුල් තරංග පන්දු 48 දී ලකුණු 69 ලබාගත්හ.ඒ හතරේ පහරවල් 5 ක් සහ 6 පහරවල් 2 සමගිනි.නසීර් හුසේන් ගේ නායකත්වයෙන් යුත් සයිල්හෙට් සික්සර්ස් කාසිය වාසිය දිනාගෙන මුලින් පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහරදීමට පැමිණි ඩකා ඩයිනමයිස්ට් කණ්ඩායමට සාර්ථක වීමට ඉඩ ලැබුනේ නැහැ.

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට සිය පන්දුවාර විස්ස තුළ කඩුලු හතක් දැවි රැස් කර ගතහැකි වූයේ ලකුණු 136ක් පමණයි , කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ කුමාර් සංගක්කාර ලකුණු 32ක් රැස් කළේ පන්දු 28කට මුහුණු දෙමින්, ඔහුගේ ඉනිමට හයේ පහරක් සමග හතරේ පහරවල් තුනක් අන්තර්ගත වුනා.ස‍යිල්හෙට් සික්සර්ස් කණ්ඩායමේ ආරම්ඹක පිතිකරුවන් යුගවූ උපුල් තරංග සහ ඇන්ඩ්‍ර් ෆ්ලෙචර් එකව 132 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...