Sport 

‌තිසර පෙරේරා පාක්ස්ථනයේදි ලැබුන අරක්ශාව සහ ආදර ගැන අදහස් දක්වයි

Reading Time: 1 minute

2009 ශ්‍රි ලංකා පිලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු කිසිම රටක් පාකිස්ථානය තුල ක්‍රිඩා කිරිමට අකමැති විය.එවැනි තත්වයක් තුල ශ්‍රි ලංකා පිල පාක්ස්ථනයේ සංචාරයක් කිරිමට කැමැත්ත පල කලත් බොහෝ ක්‍රීඩකයන් පාක්ස්ථනයේ සංචාරය කිරීමට අකමැති විය.එවැනි තතවය තුල තිසර පෙරේරා නොබියව කණ්ඩායමේ නායකත්වය බාරගෙන පාක්ස්ථනයේ සංචාරයට එක්විය,මෙම සංචාරය නිසා පාකිස්ථානය සහ ශ්‍රි ලංකාව අතර ඇති මිත්‍රත්වයේ අලුත් පිටුවක් පෙරලීමට සමත් විය ඉතින් මේ සංචාරය ගිය පසු තිසර පෙරේරා මෙම සංචාරය ගැන මාධ්‍යට දැක්වූ අදහස් තමා මේ තියෙන්නෙ…

“ඕනෑම ක්‍රීඩකයකුට කවදා හෝ හරි රටක නායකත්වය දැරීමට ඉඩ ලැබීම විශාල ගෞරවයක්. ඒක මගේ ජීවිතය තුළත් විදින්නට ලැබීම සතුටට පත්වෙනවා. මම ජාතික කණ්ඩායම සමඟ ලාහෝර් නුවර යන්න පෙර ඊට කලින් මාසයේ ලෝක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එහි ගියා. ඒ ගමන ගියේ මගේ තනි කැමැත්තෙන්. මට ලෝක කණ්ඩායමට එකතු වෙන්න කියලා ආරාධනාව ලැබුණ මොහොතේ මම ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට දන්වා අවසර ඉල්ලුවා. එතුමා මට කෙළින්ම කිව්වේ ඔය වගේ අවස්ථාවක් ආයෙමත් එන්නේ නැහැ. ඒ නිසා යන්න කියලයි. ගෙදර අයටත්, බිරියටත් මම කරුණු පැහැදිලි කළා. එහිදී ලැබෙන ආරක්‍ෂාව ගැන සෑහීමකට පත්වූ නිසා පවුලේ අයත් කැමැති වුණා. ඒ නිසා මම ගියා. මම 2009දී කණ්ඩායමේ හිටියේ නැහැ. ලෝක කණ්ඩායමට ඇතුළත්වයි මම පළමු වරට පාකිස්තානයට ගියේ.”

Spectators hold placards during the Twenty20 international cricket match between Pakistan and Sri Lanka in Lahore, Pakistan October 29, 2017. REUTERS/Mohsin Raza

මෙවර ලැබුණ ආරක්‍ෂාව ගැන විස්තර කළොත්?

“ඒ වගේ ආරක්‍ෂාවක් මම ජීවිතේට දැකලා නැහැ. ක්‍රීඩාංගණයට කිලෝමීටර් 3ක දුරක් සිවිල් ජනතාව ඉවත් කළා. වෙඩි නොවදින වාහන සපයා තිබුණා. හරියට චිත්‍රපටයක රූගත කිරීමක් වගේ දැනුණේ. ඒ වගේ ආරක්‍ෂාවකින් අපි පැය 22ක පමණ කාලයක් පමණයි පාකිස්තානයේ හිටියේ.

තරගයට කලින් තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කුමක් ප්‍රකාශ කළේදැයි යන පැනයටද පිළිතුරු දෙමින් අදහස් දැක්වූ තිසර,

“කලින් මාසයේ පාකිස්තානයට ගිය කෙනෙක් විදියට මම කණ්ඩායමට මගේ අත්දැකීම කිව්වා. ඔවුන් සියලු දෙනාම ඒ අදහස් පිළිගෙන කටයුතු කිරීම මටත් ලොකු පිටිවහලක් වුණා. 96දී ලංකාව අමාරුවේ වැටුණ වෙලාවේ ඇවිත් අපිට උදවු කරපු රටකට නැවතත් අපිට උදවු කරන්න ලැබීම ලොකු සතුටක්. කණ්ඩායමත් ඒ මතයේ හිටියා. ඒ වගේම පාකිස්තාන් කණ්ඩායමෙනුත් ජනතාවගෙනුත් අපට ලැබුණේ ලොකු ගෞරවයක්, ලොකු පිළිගැනීමක්. මට ලැබුණු කණ්ඩායම විස්සයි-20 තරග සඳහා අද ලංකාවේ ඉන්න සුදුසුම කණ්ඩායම කියලා මට හිතෙනවා. ඒ කණ්ඩායමේ 16 දෙනාගෙන් විකට් කීපර්ස්ලා දෙන්නට හැර ඉතිරි 14 දෙනාටම පන්දු යවන්නත් පුළුවන්. මට හිතෙන්නේ ආධුනිකයි කියන වචනය ඒගොල්ලන්ට ගැළපෙන්නේ නැහැ. තරග පැරැදුණත් ඔවුන් හොඳට දස්කම් පෙන්නුවා. තරගාවලියේ වීරයා වූ ෂොයිබ් මලික් පවා අවසානයේ මට ඒ බව කිව්වා.” යැයිද පවසා තිබුනා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...