Local 

තවත් අමන විදුහල්පතිවරයෙක් ලියුමක් හමුවූවා කියා සිසුවියක් වෛද්‍ය පරීක්ශණයට යොමුකරන්න කියයි

පාසල තුල අසභ්‍ය ලෙස හැසිරුණු බව පවසමින් පොළොන්නරුව, හිඟුරක්දමන මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවකට සති දෙකක පන්ති තහනමක් ලබාදීමට එම පාසැලේ විදුහල්පතිවරයා කටයුතු කර තිබෙනවා.කෙසේවෙතත් මෙම ශිෂ්‍යාව අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇය පවසන්නේ පසුගිය මස 19 වෙනිදා පාසැල් වේලාවෙන් පසුව පැවැති අමතර නැටුම් පන්තියකට සහභාගී වීම සඳහා තමන් පාසැල තුල රැඳී සිටි බවයි.

ඉකුත් 23 වෙනිදා මෙම විදුහල්පතිවරයා සිසුවිය සහ ඇගේ පියා පාසලට කැඳවා ඇයට එරෙහිව ඇති චෝදනාවක් පිළිබඳව අසා තිබෙනවා.සිසුවිය : වෙන ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ස්කෝලේ ඉදල තියෙනවා. ඒකට ලොකු සර් කියන්නේ මම හිටියා කියලා ස්කෝලේ. මගෙන් විස්තර ඇහුවා.19 වෙනිදා කොහේද හිටියේ. ? මම කිව්වා නැටුම් පන්තියේ හිටියේ කියලා.තාත්තට කතා කරල කියලා තියෙනවා වෛද්‍ය පරීක්ෂණයක් කරලා ස්කෝලෙට ළමයව ගෙනත් දෙන්න. එතකොට භාර ගන්නම් කියලා.

ශිෂ්‍යාවගේ මව්පියන් කියාසිටින්නේ තම දියණිය එලෙස හැසිරී නොමැති බැවින් වෛද්‍ය පරීක්ෂණයක් සිදු නොකල බවයි.කෙසේවෙතත් මෙම විදුහල්පතිවරයා පැසල තුල විනය පරීක්ෂණයක් පවත්වා ඇයට සති දෙකක පන්ති තහනමක් පනවා තිබෙනවා. මේ සිදුවීමත් සමග දැරිය සහ පවුලේ සියලු දෙනා පසුවන්නේ දැඩි අපහසුතාවයකින්.මෙම ශිෂ්‍යාවගේ මව පවසන්නේ : පාරේ බැහැලා යන්න බැහැ. අපිටවත් ළමයටවත්.මිනිස්සු හිනාවෙනවා. ලබන මාසේ විභාගය. ළමයට ඒ මානසිකත්වයෙන් පාඩම් කරන්නත් බැහැ. හොඳට ඉගෙනගෙන ආවා ඒ සේරම ප්‍රේම සම්බන්ධ ලියුමක් හම්බවුණා කියලා නැති කළා ලොකු සර්.

සිසුවියගේ මව මෙම චෝදනාව ගැන විදුහල්පතිවරයාගෙන් ඇසුවාම ඔහු පවසන්නේ විනය පරීක්ෂණයේදී ඇය සතුව තිබී ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව ලිපියක් හමුවීම නිසා මෙම තීරණය ගත් බවයි.ශිෂ්‍යාව මේ සම්බන්ධයෙන් පොලොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයටද ලිඛිත පැමිණිල්ලක්ද කර තිබෙනවා.වෛද්‍ය පරීක්ෂණයක්වත් නොමැතිව, ලිපියක් පමණක් පදනම් කරගෙන ඇයට මෙලෙස දඬුවම් ලබාදීම කෙතරම් දුරට සාධාරණද ? නිසි පරිදි තහවුරු කර ගැනීමකින් තොරව මෙවැනි සංවේදී කරුණු සම්බන්ධයෙන් වගකීම් විරහිත තීරණ ගැනීම නිසා අවසානයේ සිදුවන්නේ කුමක්ද ? තීරණය ඔබ සතුයි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...