Entertainment 

මෙදවස් වල ජනප්‍රිය කුඹියෝ කතාවේ ඉස්සරහට වෙන දුකහිතෙන් දේවල් ගැන හෙලිවේ

කූඹියෝ කියන්නේ මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය කතාවක්.මෙම කතාවේ දවසින් දවස වෙන්නේ හිනයකින්වත් හිතාගන්න බැරි දේවල්.. කුඹියෝ කතාවේ අවසානයට කුමක් සිදුවේද?හැමොම බලන් ඉන්නේ එක ගැන ඉතින් කුඹියෝ කතාවේ අවසානයට වෙන දේ ගැන facebook එකේ පලකල තිබූ සටහනක් තමා පහල දැක්වෙන්නේ..කියවලම බලන්නකෝ…අවසනේ මොකක් වෙයිද කියලා….

” ජෙහාන් ගේම් එකක් run කරනවා කියන්නේ පට්ටම වැඩක්…උගේ භාෂාවෙන්ම කියනවනම් ඒකේ තියෙන්නේ අමතුම ආතල් එකක්. හැබැයි මේ විදිහට කූඹීයෝ බලලා ආතල් එකක් ගන්න සතියක් ඉවසන්න වෙනවා. එතන තියෙන්නෙත් අමුතුම ආතල් එකක්. කොහොමද මේක කොරියන් සීරිස් එකක් වගේ ග‍ෙඩිය පිටින්ම බලලා ඉවරයක් කරලා දාන්න තිබුණාන නම්.. මේ කියන්නේ උඹලා උඩදාගෙන බලන කූඹීයෝ ඩ්‍රාමා එක ඉස්සරහට ගලාගෙන යනවිදිහ ගැන. තේරෙන භාෂාවෙන්ම කිව්වොත් කූඹියෝ ඩ්‍රාමා එකේ අවසානය මෙන්න මේකයි.

ජෙහාන්කාරයා දිය යටින් වුණත් ගින්දර ගෙනියන ජාතියේ පොරක්. හැබැයි මූට හැමදාම මේ දාන සෙල්ලම් දාන්න වෙන්නෑ. උඹලා බලපු ගිය සතියේ එපිසෝඩ් එකෙන්ම ඒක තේරෙන්න ඇති. මිනිහගේ ගේම් එකක් අලවෙලා අන්තිමට ජෙහාන්ට හොඳටම ගුටි කන්නත් වුණා. මේ ගේම් එක ලීක් කර ගත්ත ශාක්‍යා හෝල්ඩින් සමාගමේ ගැටයක් ගහන්න බාර දෙන සුදු රැවුල් තට්ටයා මහ අමුතුම ජාතියේ එකෙක්. සරලවම කියනවනම් මිනිහා ජෙහාන්ට වඩා පොරක්. ජෙහාන් මේ ගිල්ලේ උගේ ලණුවක්. පද්මකුමාරයට රිදෙන්න ජෙහාන් දුන්න ගේම් එකේ පලිය තමයි මුන් මේ ගන්න යන්නේ. මෙතන ඉදන් ජෙහාන් ගහන ගහන හැම ගැටේම අල වෙනවා.

ඒ වගේම තමයි ජෙහාන්ගේ කෑල්ල.. හිරුණි.. මේකි ජෙහාන්ට ලව් කරන්න ආපු එකක් නෙමෙයි. මේකී CIDඑකේ කෙල්ලෙක්. ටිරාන්ලා ඔස්ටින් අයියලා පතාලෙත් එක්ක කර ගෙන යන මගඩි වැඩ අල්ල ගන්න තමයි මේකී ජෙහාන්ට සෙට් වෙන්නේ. ජෙහාන් මෝඩයා වගේ ඌ ගහන හැම ගේම් එකක් ගැනම ආලෙන් අන්ද වෙලා හිරුණිට කියනවා. ඔය අතරේ ජෙහාන් ගහපු හැම ගේම් එකකම අගමුල අරුන් ෆයිල් කරලා ඉවරයි. මීඩියාවලින් ගෙන්නවලා ජෙහාන්ට කට උත්තර නැති වෙන තැනටම ඌව හිර කරනවා.

එතකෙට උඹලා කල්පනා කරනවා ඇති මහඋල්පතගමට මොකක් වෙයිද කියලා. ඌ අසරණයා. ඌ මෙතන දෙන්නේ අමුතුම ආතල් එකක්. හැමොටම ඌ මෝඩයෙක් වගේ පෙනුනට ඌට මේ හැම දේම නාඩියට මීටර් වෙනවා. ඒත් පොර කියන කිසිම දෙයක් ජෙහාන් ගනන් ගන්නෑ. ජෙහාන් හිරුණිට පට්ටෙට ලව්. ඌ දැන් ඉන්නේ අන්ද වෙලා. ඒකිත් කාගෙන ලව් කරනවා වගේ ඇඩ් එක දෙනවා. අන්තිමේට මුන් දෙන්නටම වෙන්නේ හිරේ ළගින්න..නිකන් නෙමෙයි. ජෙහාන්ට නම් උගේ කියලා නිල මැස්සෙක්වත් නෑ. හැබැයි මහඋල්පතගමයාගේ මහ ගෙදර සෙට් එකටත් මේවට වගකියන්න වෙනවා.

මේ දේවල් නිසා ටිරාන් ඔස්ටින් අයියා එකක් වෙනමම ගේමක් රන් කරනවා. සුදු රුවුල් තට්ටයට, පද්මකුමාර කාරයට ඇනෙන්න. ඒ කිව්වෙ බං මෙච්චර කාලයක් ජෙහාන් ගේම දුන්නේ ඔස්ටින් අරගෙන ආපු ඕඩ්ර්වලට. මේ නිසා කෙලවෙන්නේ මුලු සෙට් එකටම දෙපැත්තේ එවුන් මිනී මරා ගන්නවා. මේ නිසා ජනප්‍රිය චරිත තුනෙන් එකක් වෙඩි කාල මැරෙනවා.

අන්තිමේට හිරුණි ජෙහාන් ඉස්සරහට එනවා..ඒ එන්නේ ජෙහාන් පරද්දපු ගේම් එකේ මහ මොළකාරී දිහට..එතකොට තමයි ජෙහාන්ට තරු පනින්නේ..හැබැයි ටික දවසක් ගිහිල්ලා මහඋල්පතගමව නිදහස් කරනවා.ජෙහාන්ට ඇප නෑ. මහඋල්පතගමට සුදු රැවුලු තට්ටයලා දස වද දෙනවා. මහ ගෙදර එවුන් ඇඬු කඳුලෙන් ඉන්නවා.මේ වෙද්දී ඔස්ටින්ලගෙන් වගේම ජෙහාන්ගෙනුත් ගන්න ඔන පලිය අරගෙන ඉවරයි. ජෙහාන් ගේම් එකෙන් කැපිලම යනවා. හිරුණි අන්තිමට ජෙහාන්ට දෙනවා පට්ට ටෝක් එකක්..”සොරි ජෙහාන් ඔයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරාට..” ඔන්න ඔච්චරයි අන්තිමට කියන්නේ…කතාව ඉවරයි.කූඹීයෝ තීම් සොන්ග් එක බලපු මට හිතුනේ මෙහෙම දෙයක්. එකෙත් තියෙන්නේ වෙනනමම ආතල් එකක්”

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...