Lates 

ගීතා දොට්ට දිවිත්ව පුරවැසිභාවය ගැන අධිකරණය තින්දුව දෙයි

Reading Time: < 1 minute

ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිමට හැකියාවක් නොමැති බවට අභියාචනාධිකරණය දුන් තීන්දුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තහවුරු කළේය.ද්විත්ව පුරවැසිභාවය දරන්නකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවට ප්‍රදේශවාසීහු දෙදෙනක් ඉදිරිපත් කළ පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය මීට පෙර එය තහවුරු කළ අතර ඊට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබු අභියාචනය විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නිෂ්ප්‍රභා කළේය.

අදාළ නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරනු ලැබීය.ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි බව අභියාචනාධිකරණය විසින් පසුගිය මැයි මස 03 වැනිදා ප්‍රකාශයට පත් කළේය.

එසේම තවත් පාර්ලිමේන්තුවේ මෙසේ ද්විත්ව පුරවැසියන් සිටින නිසා මෙම තීන්දුව ගීතාට වාසි සහගත ලෙස ලැබේවියයි මතයක් තිබුනා. මේ තීන්දුව සමග අනෙක් ද්විත්ව පුරවැසි ඇමතිවරුන් තිගැස්සි ඇතැයි අපට විශ්වාස කල හැක.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...