Uncategorized 

අපි ෆේස්බුක් එකේ දකින දේවල ඇත්ත සරව ෆොටො එකත් එක්ක දැම්මොත් මෙන්න මෙවගේ වෙයි

අපි ෆොටෝ ගන්න යම් යම් අවස්ථාවල්, අපේ හිත්වල ඇත්තටම තියෙන දේවල් එක්ක මුසු කරලා, ඒ අවස්ථාවල යථාර්තයට සරල කරලා, ඒවාට ඇත්තම කැප්ෂන් එක දාලා ෆේස්බුක් දැම්මොත් මෙන්න මෙහෙම තියෙයි…..

මඟුල් –


” මෙන්න මුන් දෙන්නා අද රෑට හැමිනෙනවලු…. ඒකට ලයිසන් දෙන්න දාන ගොන්පාට් ටික බලන්න මට එන්න කිව්වා…….මට නම් ඉතින් ගාණක් නෑ උන්ට හෙණ ගහල ගියත්……මොකෝ මේවට ආව කියලා මුගේ ගෑණි මට අල්ලනවයැ? ( කාන්තා වර්ෂන් : ” ඒකිගෙ මිනිහා මට අරිනවයැ?” ) …..නෙද්දකිං ඉන්න හැටි විතරක් කසිප්පු බැරල් එකකට තාර පීප්පයක් ඇමිණිලා වගේ…….අවුලක් නෑ මාත් උන්ගෙ ගාණෙ කාලා බීලා එන්න ගියා ඉතින්….ගියාට වඩා නොයන්න තිබ්බ නම් හොඳයි, මොකද එන්විලොප් එකේ තියෙන ගාණට අමතරව, මට බර ගාණක් ඇඳුම් පැළඳුම් වලට කුඩු උනා…….දැන් එහෙම ගියා කියලා ලෝකෙට පෙන්න ගන්න ඕනනෙ….. නැත්තන් මුන් මට එන්න කිව්වෙ නෑ කියලා ලෝකයා හිතුවොත් මට සවුත්තුව…..නැත්තන් මුන්ගෙ මේ මනස්ගාතෙ මම ගණන් ගත්තෙ නෑ කියලා ලෝකයා හිතුවොත් උන්ට සවුත්තුව…… කන්න බොන්නත් දීලා තියෙන එකේ ඔන්න ඔහේ උන් එක්ක මේ ෆොටෝ එක ගැහුවා……මොනව උනත් මුන්ගෙන් කවද හරි ප්‍රයෝජනයක් තියෙයිනෙ…… හී ….. “

උපාධි ප්‍රදානෝත්සව –


” මේ හෝතඹුවා කටපාඩම් කරපුවා වමාර කාලා යන්තම් කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන……දැන් ඒකට ලෝකෙට පේන්න ඇඩ් එක දානවා එකසිය ගාණට …. මට ඉතින් හරි සන්තෝසලු…. මොකද මූ ඕකෙන් රස්සාවක් කරල මටනෙ පඩිය ගෙනත් දෙන්නෙ…..අනේ මේහ්….!……කමක් නෑ, කමක් නෑ……මූත් අපේ අම්මගෙයි, තාත්තගෙයි දරුවෙක්නෙ…….එහෙම වෙච්ච කරුමෙට මූටත් ලොකු එක දෙන්න එපැයි……වර වර … ඇවිත් හිනාවෙය…..ලොකුද දන් නෑ රිප්පිඩිය…..”

කොටහළු මංගල්ල –

“මෙන්න මුන් දෙන්නගෙ පොඩි කෙල්ලට / අරූගෙ නංගිට මෙන්සස් වෙන්න පටන් ගත්තලු……. ඉතින් මට පු*ද?…… මට මේකෙන් වාසියක් වෙන්න මොකෝ මම සැනිටරි පෑඩ් හදලා විකුණනවද?…….ලෝකෙට පරකාසෙ කරගන්න වෙන දෙයක් නැති මස්තබාල්දුවන්ට ගෙදර ඉන්න ගෑණුන්ට මාසෙ මාරු වෙන්න පටන් ගන්න එකත් මාර සීන් එකක්…….හරි හරි ඔන්න ෆොටෝ එක….!…..බලාගනියව්….!”

උපන්දින –


” මේ උකන්නා / උත්ති ඉපදිච්ච දවස අදලු …. ඉතින් මට පාන්ලු….. ඌට ලෝකෙට පරකාසේ දාගන්න අපිට එන්න කියනව මෙතන…..අවුලක් නෑ ඉතින් තෑග්ගට කුඩුවෙච්ච ගාණට වඩා කන්න බොන්න හම්බ වෙච්ච ගාණ වැඩියි මගෙ හිතේ…… අනික මුගෙන් / මේකිගෙන් මට හොඳ ප්‍රයෝජන තියෙනවා ….. ඒ නිසා ඉතින් ඔන්න මටත් සතුටුයිලු ඈ මූ / ඒකි ඉපදිච්ච එකට……ඔන්න මම හිනා වෙනවා….. ඇක්ස්.ඕ.ඇක්ස්.ඕ”

බැච් පාටි / ගෙට් ටුගෙදර් –


” මුන් හැතිකරේ එක්ක ඉඳලා තමයි මට කෙළ උනේ……..තව එව්වැයින් අවුට් වෙලාවත් නිවනක් නෑ……අරූ ඉන්න කල් කළේ මට යටින් කැපිල්ල දාපු එක……එතකොට මේ උත්තිගෙ පුතා තමයි මාව ලෙචාට / ටීචර්ට බ්ලැක් ලිස්ට් කරේ…….අන්න අර උළමා එක්ක වළ බැහැලා තමයි සබ්ජෙක්ට් දෙකක් කෙලෝ ගත්තෙ…….එතකොට මූද?…..මූ කැරි අංකුට්ටා මෙහෙම හිටියට…… මූ තමයි ඔය වමේ ඉඳන් දෙවනියට ඉන්න එකා දාගත්තු කෑල්ල රූම් ඇදලා මාට්ටු වෙච්ච සක්කිලියා………තව ඉන්න ලස්සන කිසිම විලියක් හිරිකිතයක් නැතුව……ආ …. එතකොට මේ මෙතන ඉන්න ඕගනයිසර් පෙරේතයා ඒ දවස් වල ෆොටෝකොපියක් ගහගන්න නෝට් එකක් ඉල්ලුවට නෝට් එකක් නොදීපු කුහක කුපාඩියෙක්…..දැන් මෙතන පුක උඩ දාගෙන ගෙට් ටුගෙදර්/ රී යූනියන් ඕගනියිස් කරනව…..අපි දන්නෙ නෑ ඉතින් මුගේ සහෝදරත්වෙ……කමක් නෑ, කමක් නෑ……උන්ගෙන් සමහරු දැන් හොඳ තැන්වල නිසා මොකක්ම හරි ප්‍රයෝජනයක් තියෙයිනෙ…….ඔන්න ෆොටෝ එක දැම්මා……බලාගනිල්ලා හරක් පට්ටියම …..!”

මිතුරු දේශපාලකයන්ගේ දේශපාලන උත්සව / රැස්වීම් –


” මෙන්න මූයි, මායි එකතුවෙලා තමයි මින් ඉස්සරහට රට කන්නෙ…..ඔව්…..හොඳට බලාගනිල්ලා……මූට ලංවෙච්ච එක ලොකු දෙයක්…..මට දැන් අර වැඩේ ලේසියෙන්ම කර ගත්තෑකි……මූ කොහොමත් ප්‍රශස්ථියක් දෙකක් කිව්ව ගමන් නළලට ගන්න ගොනා වෙච්චි, ඌට ගුණ ගීතයක් ගයලා, සල්ලි කීයක් හරි විසි කරලා තියාගත්තම මට පාඩුවක් නෑ……ඉදකිං ඌරා ආරල තියෙන ඈරිල්ල……උඹට හම්බවෙයි ඇමතිකම් බලාගෙන හිටපන් වාලක්කඩියා……උඹ දන් නෑ උඹට යාන්තම් බලේ තියෙනකොට මට වැඩක් කරගන්න ලේසි නිසා මම මේ ප්‍රාග් ඓතිහාසික යාලුකම් පාදගෙන ආවා ගියාට, උඹලට කෙළ වෙච්ච දාට මම පළාතෙවත් නෑ කියලා….ෆොටෝ එකක් ගහගන්නව, මොකද උඹ එක්ක ෆොටෝ එකක් දැම්මාම මට පොඩි ගැම්මක් එනව සමාජෙ…..හරි ඔන්න ෆොටෝ එක…..!….තියාගෙන වැඳපල්ලා….”

ට්‍රිප් –


” අම්මපා නිවාඩු දවස් හතර ගෙදරට වෙලා ඉන්න නෑ මුන්ගෙ පුකේ අමාරුව නිසා…….ඔව්…..!……ඒකයි මේකට යන්න උනේ…!……..ඩී.වී.ඩී එකක් බලාගෙන, වැළක් ඇදගෙන, කෑල්ලව රූමක් ඇදගෙන, සැපේ ඉන්න තිබ්බ දවස් ටික, මෙතන ආවා වන්නි හත්පත්තුවෙ තාච්චි පනින්ඩ….!…..ටෞකණ්ඩ මුන්ගෙ….!….මේ ගිණි කාස්ඨක අව්වෙ බීගෙන, තව මාර ෆන් එකක්ලු ගත්තෙ…….!……පඩියත් වාස්ප වෙලා මේ උත්තවල රස්තියාදුවෙලා, දැන් ආයෙ කොළඹ ගියාම, මුළු මාසෙම රිම් එකේ තමයි දුවන්න වෙන්නෙ…….සල්ලි දාන්න කියනකොට නොදාත් බෑනෙ……නෝණ්ඩියිනෙ…..මේ කරපු වියදමෙන් රොක්ලන්ඩ් බෝතලයක් ගෙනිච්ච නම්, මටම චිකන් එක හදාගෙන නස්තාර් වෙන්න ගහන්න තිබ්බා……ඒ මදිවට මුන් බී ගත්තාම දෙන ගොන් ආතල් නිසා තව පොඩ්ඩෙදි එකෙක් ගිලිලා මැරෙනවා…… එහෙම උනා නම් ලැගපල්ලකො උසාවි, පොලීසි ගානෙ සාක්කි දෙන්න, මෙතන නිවාඩු දාගෙන………ඔන්නොහේ කමක් නෑ, ආපු එකේ දැන් ඉතින්…….ඕං බලාගනිල්ලා……..අපි අහවල් එක බලන්න ගියා…..!”

මළ ගෙවල් –


” අනේ ඔව් මට හරි දුකයි මුගේ මාමා කියන බේබදු මොටා අක්මාවට කෙළෝගෙන සෙත්තපෝච්චි වෙච්ච එකට……ඔව්…..!…..පහුගිය දවස් ටිකම මම අඬ අඬ හිටියෙ මේ සීන් එක නිසා, ටෞකණ්ඩ ….!……මම මෙදා පාර සිංහල අවුරුදු කන්නෙත් නෑ, ඒ තරමට දුක…..!…..කඳුළුයි, හොටුයි පිහිදාන්න ලේන්සු මදිවෙලා, අන්තිමට දොර රෙදි වල පිහ ගත්තෙ…..!….අනේ නිකං හැ***….!……ඒ මදිවට මළ ගෙදර තිබ්බේ මහල්දිබ්බරාව කියලා කොළඹින් කිලෝමීටර් තුන්දාස් පන්සීයක් විතර ඈත මූකළාන් ඩොටේක……බස් පහළොවකින් විතර බැහැලා, වල් අලියෙක් හයර් කරගෙන, වස්කෝ ද ගාමා ඉන්දියාවට ගියා වගේ යන්තම් ගෙදෙට්ට යා ගත්තෙ……..මොනා කරන්නද ඉතින්, මූනෙ මට ඕවර් ටයිම් වැටෙන්න රොස්ටර් හදල දෙන එකා……ඉතින් අල්ලගෙන ඉන්න ඕන…..!……ඔන්න ඒ නිසා සෙල්පිය……. මී ඇන්ඩ් ද මළ මිණිය….”

උපුටා ගැනීම Damith Kethaka ගේ ෆෙස්බුක් ගිණුමෙන්

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...