Local 

ගැබිනියක් කියා බොරු චොදනා කර පාසලෙන් සිසුවිය එළවූ විදුහල්පතිට වැඩ වරදී

කැකිරාව අධ්‍යපන කලාපයේ පිහිටි මඩාටුගම රේවත් විද්‍යාලයේ 10ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියකට පාසලේ වමනය ගොස් ඇති නිසා ඇය ගැබ්ගෙන ඇතැයි ලෙස චොදනා කර පාසලෙන් ඉවත් කල අමන විදුහල්පති වරයෙක් ගැන මිට සති කිහිපයකට පෙර අසන්නට ලැබුණා.

දැරිය ජිවත් වන නිවස

ඊයේ (30 දින) සිද්ධියට මුහුණ දුන් පාසල් දැරිය සහ ඇගේ දෙමාපියන් මානව හිමිකම් කොමිශන් සභාවට පැමිනියේ ඇය පාසලෙන් ඉවත් කිරිම පිලිබඳ පැමිණිල්ල විභාග කිරිමටය.පැය 7 ක් පුරා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිශන් සභාව ප්‍රධාන කාර්‍යාලයේදී මේ පිලිබඳ කරුණු සටහන් කිරිම සිදුවිය.

දැරියගේ මව පාසලෙන් ඉවත්ක පසු දුන් අස්වීම් සහතික පෙන්වූ ආකාරය

මානව හිමිකම් කොමිෂන් සභාවෙන් යවනු ලැබූ සිතාසි මත කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, දැරිය අධ්‍යාපනය ලැබූ පාසලේ හිටපු විදුහල්පතිනිය සහ සිද්ධියට සම්බන්ධ ගුරුවරු පිරිසක් ද මෙලෙස කොමිසම හමුවේ පෙනී සිටියා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන ශාඛාවේ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි සඳහන් කළේ සංවේදී කරුණු රැසක් මෙහි ඇති බවයි.මාධ්‍යවල පල වූ වාර්තා සැලකිල්ලට ගෙන පැමිණිල්ලක් නැතිව මෙම විමර්ශන පවත්වන බවද නිහාල් චන්ද්‍රසිරි වැඩි දුරටත් පෙන්වා දුන්නා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...